රක්වාන මාදම්පේ හොර ගිනි අවි කම්හලක්
ක්වානණ මාදම්පේ ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් වටලා එහි හිමිකරු සහ එම ගිනි අවි මිලදීගත් පුද්ගලයන් 06 දෙනකු සමග ගිනි අවි 18ක් කළුතර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර යුද හමුදා සැරයන්වරයකු ද සිටින අතර ඔහු විසින් අදාළ ගිනි අවි සඳහා උණ්ඩ ලබාදී ඇත.
එමෙන්ම හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක ආපනශාලාවක් පවත්වාගෙන යන අයෙක් රත්නපුර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙක්, නවගමුව ප්‍රදේශයේ මල් කඩයක හිමිකරුවෙක් අත්අඩංගුවට පත් අය අතර සිටින බව පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන අදාළ කර්මාන්තශාලාවේ හිමිකරු චන්දන මීට පෙර ද ගිනි අවි නිෂ්පාදනය කර අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වූ අයකු බව පොලිසිය පවසයි.
ඔහු නැවතත් නිදහස් වී පැමිණ ගිනි අවි නිෂ්පාදනය ආරම්භකර ඇති අතර ඔහු දැනට ගිනි අවි 32ක් නිෂ්පාදනය කර විකුණා ඇති බව පොලිසිය පවසයි.
එම ගිනි අවිවලින් 18ක සංඛ්‍යාවක් පොලිසිය දැනට සොයාගෙන ඇත. එම ගිනි අවි සඳහා මි.මී. 9 වර්ගයේ උණ්ඩ සහ ටී-56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි බව පොලිසිය සඳහන් කරයි.මොහු විසින් නිෂ්පාදනය කළ ගිනි අවියක් 50,000-65,000ත් අතර මුදලකට විකුණා ඇති බව පොලිසිය පවසයි. ඔහු විකිණූ ගිනි අවිවලින් 2ක් නවගමුවෙනුත් එක් ගිනි අවියක් පාදුක්ක ප්‍රදේශයෙනුත් රත්නපුරයෙන් තවත් ගිනි අවියකුත් රක්වාන මාදම්පා ප්‍රදේශයේ දමිළ ජාතිකයකු ළඟ තිබි ගිනි අවි 04කුත් ඇතුළුව ගිනි අවි 18ක් සොයාගෙන ඇත.
මෙම මහා පරිමාණ ගිනි අවි ජාවාරම හෙළිකරගෙන ඇත්තේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කරුණාරත්න මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරු මත පසුගිය දා බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලයකු ගිනි අවි දෙකක් සමග අත්අඩංගුවට ගැනීමත් සමග බව පොලිසිය සඳහන් කරයි.මෙම ගිනි අවි නිෂ්පාදනාගාරයේ තිබි ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ කිහිපයක් ද පොලිසියෙන් සොයාගෙන ඇත. කෙසේ වෙතත් මොහු විසින් නිෂ්පාදිත අනෙකුත් ගිනි අවි සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.
එසේම මෙම ගිනි අවි යොදාගෙන වෙනත් අපරාධ සිදුකර ඇත්ද යන්න සොයා බැලීම සඳහා මේ වනවිටත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කරයි.කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය මත කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත කොට්ඨාස භාර ස්ථානාධිපති බන්දුල සිල්වා,පොලිස් පරීක්ෂක කරුණාරත්න, සැරයන්වරුන් වන (55202) වීරසේන,(17667) ජයරත්න,(26019) දයාසේන, කොස්තාපල්වරුන් වන (65063) විතාන, (50880) මුණසිංහ, (89467) ගමගේ, (1985) රත්නසිරි, (967) මිලින්ද යන අය මෙම වැටලීම කර ඇත.