අමීර්ගේ නිරුවත් පෝස්ටරයට නඩු
අමීර් ඛාන් රඟන නවතම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහා පසුගියදා නිකුත් කරන ලද පෝස්ටරයට විරුද්ධව මනෝජ් ඩික්සිත් නැමති නීතීඥවරයා විසින් නඩු පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
'ඡණ' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පෝස්ටරය සඳහා අමීර් නිරුවතින් පෙනී සිටින අතර එහි ඔහුගේ රහස් ප්‍රදේශය ආවරණය කිරීමට රේඩියොවක් භාවිතා කර තිබේ.
මෙහිදී අමීර්ට පමණක් නොව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකයවරයාටද ඩික්සිත් විසින් නඩු පවරා තිබේ.
ඔහු චෝදනා කරන්නේ අමීර් ඛාන් වර්තමාන තරුණ පරම්පරාවට බලපෑමක් එල්ල කළ හැකි චරිතයක් නිසා තරුණයන් ඔහුගේ මෙම හැසිරීම අනුකරණය කිරීමට පෙළඹීම හරහා ලිංගික අපරාධ වලට යොමු වීමට ඉඩ ඇති බවයි.
අගෝස්තු 7 වනදා අදාළ නඩුව කැඳවීමට නියමිත අතර අවශ්‍ය වුවහොත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා,නිෂ්පාදකයවරයා සහ නළුවාට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන බව කාන්පූර්හි අධිකරණය විසින් දැනුම් දී තිබේ.
මෙම චිත්‍රපටයේ අමීර් ඛාන් පිටසක්වල ජීවියෙකුගේ චරිතයක් රඟන අතර එය මෙම වසරේ දෙසැම්බර් මස ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
Comments