ජංගම දුරකතනයෙන් නොමිලේ ඉන්ටනෙට්.
ලෝකය තුල නව වෙනසක් ඇති කරමින් ලොව පුරා සැමට ජංගම දුරකථන හරහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට ගූගල් සමාගම දැන් කටයුතු කරමින් ඇත.ඒ සඳහා දැනටමත් ඔවුන් තිබිරිගෙය සකසා ඇත.ලෝකයේ ජනතාව අද ජංගම දුරකතනයට අතිශයින් සමීප වී ඇත.සිය සමාගමට ලෝක වාසි ජනයා වෙත තවත් ලඟාවීමට හොඳම ක්‍රමය ජංගම දුරකතන බව ගුගල් සමාගම හදුනා ගෙන සිටී.එහෙයින් ඔවුන් ජංගම දුරකථන වලින් ගූගල් මගින් ලබා දෙන විශේෂාංග වලට අය කරන
මුදල නිදහස් කර ඇත.
ශ්‍රීලංකාව ගත්තද අපරට තුල දැන් ජංගම දුරකතන නැත්තේ එහෙමත් අයෙකුටය.පොල් කඩන මනුස්සයාටත් පාරේ හිගාකන අයටත් දැන් ජංගම දුරකථන ලැබී ඇත.ලංකාවේ අයකුට අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත දුරකතනයක් දැන් රුපියල් දෙතුන් දාහකට වුවද ලබා ගත හැකිය.
ගූගල් සමාගම ඔබට මෙහිදී ලබා දෙන්නේ google free zone සේවාවය.මෙහිදී ඔබේ ජංගම දුර කථනය අදාළ ජංගම දුරකතනයට දමා ඇති සිම් පත හිමි සමාගම මගින් අන්තර්ජාල පැකේජය සක්‍රිය කලයුතු නැත.ඉතා පහසුවෙන් අන්තර්ජාල පහසුකම සක්‍රිය කරනැති වෙබ් බ්‍රවුසරයක් ඇති ජංගම දුරකතනයකින් ගුගල් සේවාවන් රසවිඳිය හැක .නොමිලේ ජිමේල් ඇතුළු තවත් සේවාවන් විශාල සංක්‍යාවක් ඔවුන් ඔබට සපයනවා ඇත.
ස්මාට් දුරකථන භාවිතා කරන්නට වඩා සාමාන්‍ය දුරකථන භාවිතා කරන්නන් තමා වෙත ඇදගෙන සිය සමාගම වෙත ලෝකයා තවත් ලන්කර ගැනීමට මෙය කදිම අවස්තාවක් බව ගූගල් සමාගම ප්‍රකාශ කරයි.මෙහිදී ඔවුන් සිය සේවාව ලබාදෙන්නේ කොන්දේසි යටතේය.ඔබ google serch කරමින් යම් දෙයක් ගැන සොයන්නේ යයි සිතමු.ඒ සඳහා මුදල් අය නොවේ.ඔබේ සෙවූ අදාළ මාතෘකාවට සම්බන්ද ප්‍රතිඵල ලැයිස්තුවට ද මුදල් අය නොවේ.අදාළ ලයිස්තුවේ මාතෘකාවල ලින්ක් වෙත පිවිසුනද මුදල් අය නොවේ.ඊළඟට ඔබ දෙවන පිවිසුමෙන් පසුව පිවිසෙන පිටු සඳහා මුදල් අයවේ.
උදාහරණයක් ලෙස phone ලෙස ටයිප් කර google serch කලා යයි සිතමු.එවිට ජංගම දුරකතනයේ බ්‍රවුසරය ඝරහා ගූගල් වෙත යාමට මුදල් අයනොවේ.serch කල පසු ලැබෙන phone සම්බන්ද ලැයිස්තුවට ද මුදල් අය නොවේ.දැන් ඔබට ලැබී ඇති ලයිස්තුවෙන් කැමති phone වර්ගයක සබැඳියක් වෙත යාමට ත් මුදල් අය නොවේ.නමුත් ඔබ අවසන් වරට පිවිසුන පිවිසුන පිටුවේ ඇති වෙනත් ලින්ක් එකකට ගොස් පිටුවක් විවුර්ත කළහොත් ඔබට මුදල් වැයවේ.එමෙන්ම යටකී පිටුවෙන් පින්තුරක් බා ගතහොත් එයටද මුදල් අයවේ.මෙහිදී වැදගත්ම කරුණ වන්නේ හොරෙන් මුදල් කපා ගැනීම වලකා තිබීමය.ඔබ වෙනත් පිටුවකට යාමේදී මුදල් අයවේ නම් ඒ බව දන්වා පණිවිඩයක් දිස්වේ.මේ අනුව ගූගල් සමාගම ඔබව කෙතරම් දුරට ඇද බැඳ තබා ගැනීමට සුක්ෂමව කටයුතු කර ඇතිද යන්න වැටහෙනු ඇත.එනම් ඔවුන් ඔබව වෙනත් වෙබ් පිටුවලට යාමද අවම කර ඔවුන් තුලම රදවා ගැනීමටද කටයුතු කර ඇත.
google free zone සේවාව ලබා ගනිමු.
මෙම සේවාව දැනට ශ්‍රී ලංකාව ,පිලිපීනය,දකුණු අප්‍රිකාව,ඉන්දුනීසියාව,ඉන්දියාව යන රටවලට පමණක් ලබාදී ඇත.එය හෙටදිනක අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලටද ලබා දෙනු ඇත.
1.වෙබ් බ්රවුසරක් ඇති දුරකතනයක් ලබා ගන්න.(මෙහි අඩංගු සිම් පත අන්තර්ජාල පහසුකම සඳහා සක්‍රිය කර තිබිය යුතු නැත.)
2.ඔබේ පරිගණකය ඔස්සේ අන්තර්ජාලය සම්බන්ද වෙමින් මෙතන ක්ලික් කරන්න.
3.අංක 1 න් දැක්වෙන පරිදි වෙබ් පිටුවේ දක්නට ලැබේවි.එහි send a link to your phone යන්න ක්ලික් කරන්න.
4.පහත පරිදි වින්ඩෝවක් ලැබේවි.එහි ඩ්‍රොප් ඩවුන් මෙනු එකින් sri lanka යන්න තෝරන්න.+94 ලැබෙන ස්තානයයට ඉදිරියෙන් ඇති කොටුවේ ඔබේ දුරකථන අංකය සටහන් කරන්න.send a text massage to your phone යන බට්න් එක ඔබන්න.
5.මොහොතකින් ඔබේ දුරකතනයට text massage එකක් ලැබෙනු ඇත.එහි ඇති වෙබ් ලිපිනය කොපි කර ඔබේ දුරකතනයේ බ්‍රවුසරයෙහි ඇඩ්රස් බාර් එකෙහි පේස්ට් කරන්න.ඔබට එතන සිට නොමිලේ ගුගල් හි සෙවීම කල හැකි වනු ඇත.