අඟහරු වෙත යන ප්‍රථම පුද්ගලයා 13 හැවිරිදි දැරියක්
අඟහරු ග්‍රහයා වෙත යන ප්‍රථම පුද්ගලයා විමේ අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක පුහුණු වීම් ආරම්භ කැර ඇත. අඟහරුවෙත යාම තම එකම සිහිනය කැරගත් ඇලීස්සා කාර්සන් නමැති මේ දැරිය ඒ වෙනුවෙන් මහත් වෙහෙසුණාය.ඇමෙරිකාවේ නාසා ආයතනය දැන් ඇගේ ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා අත දීමට තීරණය කර ඇත.
විද්‍යා විෂයයන් සමග භාෂා කිහිපයක් අධ්‍යයය කරමින් සිටින ඇලීස්සා නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යාවකාශ කඳවුරු තුනට ම සහභාගී වූ පළමු තැනැත්තා වී සිටින්නීය.
ඇමෙරිකාවේ ලොයිසියානාහි බැටන් රෝග් හි පදිංචිකාරියක වූ ඇය පවසන්නේ තමන් කිසිදු දෙයකින් අසමර්ථ වීමට කැමැත්තක් නොදක්වන බවයි. ඇගේ පියා පවසන්නේ ද මේ සඳහා තම දියණිය ඉතා ධෛර්යයෙන් හා නිර්භයව සූදානම් කරන බවයි.