අනුරාධපුරයට ගංජාගේන අනියම් යුවළ අත්අඩංගුවට
තණමල්විල සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයකින් ගංජා රැගෙන ආ තරුණයෙකු සහ ඔහුගේ සහායිකාව අනුරාධපුර කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් ඊයේ (23දා) සවස ශ්රාවස්තිපුරහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත බස් රථය පැමිණෙන තුරු ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ස්ථානගතව සිටි නිලධාරීන් සැකකරු සහ සැකකාරිය බස් රථයෙන් බසිනවාත් සමගම අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා රැගෙන ආ කාන්තාව සමග අවුරුදු 03ක පමණ දැරියක් සිටි බවද වැටලීම් ඒකකය සඳහන් කරයි.
සැකකරුගේ ගමන් මල්ලේ ගංජා කිලෝ 02 ග්‍රෑම් 150ක ප්‍රමාණයකුත්, කාන්තාවගේ අත්බෑගයේ ගංජා ග්‍රෑම් 634කුත් තිබූ බව වැටලීම් ඒකකය පවසයි. එම ගංජා තොගයේ වටිනාකම රුපියල් 80,000ක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි. සැකකරු සහ සැකකාරිය සහෝදරයන් බව ඇඟවීමට උත්සහ කළත් ඔවුන් දෙදෙනා අනියම් ඇසුරක් පවත්වන යුවළක් බවට පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.
මෙම සැකකරුවන් කාලාන්තරයක් තිස්සේ අනුරාධපුර ඇතුළු ප්‍රදේශ රැසකට මහා පරිමාණයෙන් ගංජා බෙදා හැර ඇති බව වැටලීම් ඒකකය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. සැකයක් ඇති නොවීම සඳහා ගංජා රැගෙන එන විට අවුරුදු 03ක් පමණ වන සිඟිති දරුවාද රැගෙන ඒමට කටයුතු කර ඇතැයි වැටලීම් ඒකකය තවදුරටත් සඳහන් කළේය.
Comments