මීරියබැද්දෙන් තවත් මළ සිරුරක් හමුවෙයි
කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්වූ කාන්තාවතගේ තවත් මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඒ අනුව මේ වන විට සිද්ධියෙන් මියගිය පුද්ගලයින් 05 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
සිද්ධියෙන් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු 03 වන දිනටත් අද සිදුකෙරුණු අතර පවතින මඩ සහිත තත්ත්වය හේතුවෙන් අතුරුදන්වුවන් සෙවීමේ කටයුතු දුෂ්කර වි ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් අද දිනයේ දි කාලගුණික තත්ත්වය යහපත්ව පැවති බැවින් පසුගිය දින දෙකට සාපේක්ෂව සාර්ථකව සිදුකළ බව යුධ හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
මේ අතර අද දෙරණ මාධ්‍ය කණ්ඩායමක් ද මීරියබැද්ද ප්‍ර දේශයේ රැඳී සිටිමින් එසැණින් තොරතුරු ගෙන ඒමට සුදානමින් සිටියි.
මේ අතර දිස්ත්‍රික්ක 06කට නිකුත් කර ඇති නායයෑමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේය.
මේ අතර මහනුවර, පුපුරැස්ස කඳලාව ස්ටැලන්බර්ග් වතුයාය නායයෑමේ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වුණි.
ඒ හේතුවෙන් ස්ටැලන්බර්ග් වතුයායේ ජනතාව ආරක්ෂාකාරී ස්ථානයකට යොමු කර තිබේ.
පවුල් 17 ක නිවැසියන් 63 දෙනෙකු මේ වන විට ස්ටැලන්බර්ග් දෙමළ විද්‍යාලයේ රඳවා ඇති බව වාර්තා වෙයි.
එම ජනතාවට අවශ්‍ය පහසුකම් දොලුව ප්‍රාදේශීය සභාව විසින් ලබාදෙන බව සඳහන්ය.
මේ අතර ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිදුවන නායයෑම් හා අවදානම් හේතුවෙන් පවුල් 155ක් අවතැන්ව ඇති බව වාර්තා වෙයි.
ඇල්ල ප්‍රාදේශිය ලේකම් සමන්ති රණසිංහ මහත්මිය සඳහන් කළේ එම පවුල් වලට අයත් පුද්ගලයින් 546 දෙනෙකු අවතැන්ව ඇති බවයි.
නාගවිල,නිව්බර්ග්, පිංඅරාව, හිඳගල හා කේසීන් යන තේ වතු 05 ද නායයෑම් අවදානමට ඇතුළත්ව ඇති බව ද වාර්තා වෙයි.
මේ අතර ඇල්ල ප්‍රාදේශිය ලේකම් සමන්ති රණසිංහ මහත්මිය අද එම ප්‍රදේශ වල සංචාරය කර නායයෑම් අවදානම් සහිත ස්ථාන පරීක්ෂා කර ඇති අතර කඳවුරු වල සිටින ජනතාවගේ සහන සේවා පිළිබඳව සොයා බලා තිබේ.
මේ අතර පොල්ගහවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩපොල වතුයායේ පිහිටි පවුල් 100කට අයත් පුද්ගලයින් 400ක් පමණ අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
වතුයායේ ඉහළ පිහිටි කන්දේ සිට ගල් සහ පෙරළීම් හේතුවෙන් මෙම තත්ත්වය උදාවි ඇති බව සඳහන්ය.
මේ පිළිබද බලධාරින් දැනුවත් කළ ද මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගක් ගෙන නොමැති බව ප්‍ර දේශවාසින් අද දෙරණ සමඟ සඳහන් කළේය.