කෙල්ලට පන්නන්න ගිය වශී නූල උඩින් සේවකයකු පනී........
අමනාප වී සිටින සිය පෙම්වතිය යළි යාළු කරගැනීම සඳහා සුරයක් සහිත මැතිරූ නූලක් ගාල්ල දිසා ලේකම් කාර්යාලයේ ආපනශාලාවට ඇතුළුවන දොරටුව ළඟ තබා පෙම්වතියට පැන්නවීම සඳහා ගත් උත්සාහයේදී පෙම්වතිය වෙනුවට දිසා ලේකම් කාර්යාලයේ සේවකයකුට පෑගීම නිසා පෙරේදා :18දා දිසා ලේකම් කාර්යාලය තුළ මහත් අන්දෝලනයක් මතුවිය.
මෙම පෙම්වතා හිඟුරක්ගොඩ පළාතේ පදිංචිකරුවෙකි පෙම්වතිය හබරාදුව ප්‍රදේශයේ පදිංචිකාරියකි ඇය ගාල්ලේ සේවය කරන්නියකි ඒ නිසා දිනපතා ඇය දිසා ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට එනු ලබන්නීය.
මෙදිනද ඇය සිය රාජකාරිය සඳහා පැමිණ ඇත දහවල් දොළහට පමණ මෙම පෙම්වතා සිය මතුරා ගෙන ආ සුරය සහිත නූල ආපනශාලාවට ඇතුළුවන දොරටුව ළඟ තබා අයිනකට වී සිය පෙම්වතියද ඒ දෙසට එන අයුරු බලා සිට තිබේ.
එහෙත් සිදුවූයේ අනෙකකි සිය පෙම්වතිය පසුකර ගෙන ඉක්මනින් ආපන ශාලාවට ගියේ කාර්යාලයේ සේවකයෙකි මේ දුටු පෙම්වතා වහා පැන තම සුරය සහිත නූල අරගෙන සාක්කුවේ දාගන්නා විටම එය අර සේවකයා දැක බිය වී මොර දෙමින් එම තරුණයා වෙත කඩා පැන එම මෙවලම් ටික සියල්ල උදුරාගෙන තිබේ.
බියපත් වූ තරුණයා සියල්ල වමාරන්නට වූයේ මෙතැනට එකතු වී සිටි සියල්ලෝම සිනහ ගස්සවමිනිග මෙම තරුණ පෙම්වතා මෙම නූල සහිත සුරය ජප කරගෙන ඇත්තේ කුරුණෑගලදීය. ඒ සඳහා රුපියල් 8000ක් ගුරුන්නාන්සේ අරගෙන ඇත.
කෙසේ නමුදු මෙම නූල පෑගුණු අයද ටිකක් බය ගතියකින් පෙළෙන්නට වූ අතර මෙම තරුණයා කීවේ සර් බයවෙන්න එපා මේ නූල සහිත සුරය ජපකළේ ඇගේ නමටග ඒ නිසා සර්ට පෑගුණාට කිසිම දෙයක් වෙන්නෙ නෑ කියාය.
මෙම දිසා ලේකම් කාර්යාලයේ වැඩිපුරම සිටින්නේ කාන්තාවන්ය. මෙම සිද්ධියත් සමඟ දැන් ඔවුන් කිසියම් තැති ගැනීමකටද ලක්වී ඇතග
කෙසේ නමුදු මෙම තරුණයාද සැලූණේ නැත මෙම කාර්යාලය වසා යන අවස්ථාව වන විට තරුණයා නැවත දිසා ලේකම් කාර්යාලයේ දොරකඩට විත් බලා සිටියේයග මේවන විට තරුණියගේ අම්මාද පැමිණ සිටියාය කෙසේ නමුදු කාර්යාලයේ මුරකරුවන්ද තවත් අයකුද මෙම තරුණයා එතැනින් එළවා දමනු ලැබූ අතර තරුණියද මවද ත්‍රිරෝද රථයක නැඟී යනු දක්නට ලැබි‚