මුලතිව් දිස්ත්‍රීක් TNA මන්ත්‍රීවරයෙක් විසින් ගබ්සාකළ දමිළ දැරියක් මියයයි… (ඡායාරූප සහිතයි)
වව්නියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි වයස අවු 23ක් වන තංගරාසා සෙල්වි තරුණිය අ:පො:ස (සා.පෙළ) විභාගය අසමත් වි ඇති අතර, පසුව මැය මවගේ සහෝදරයෙකු (මාමා) වන වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි ”ශ්‍රී කන්ද වේළු” නමැත්තාගේ නිවසේ අධ්‍යාපනය කටයුතු සඳහා නවතා ඇත. මෙසේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටියදී ඇයගේ මාමා විසින් මෙම තරුණිය දූෂණයට ලක්කිරීම හේතුවෙන් ඇය ගැබිණියක්වී ඇති අතර, මේ පිළිබඳව ඔහුගේ බිරිඳ වන (මැගේ නැන්දා) ”කන්දෙවිළු බාබා කවීදා” නමැත්තිය දැනගැනීමෙන් පසු ඔහු සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇත.
මැය ගැබ්ගෙන මාස තුනක පමණ කාලයක් ගතවීමෙන් පසු නොවැම්බර් 23 වන දින උදෑසන 930 ට පමණ ඇයගේ මාමා විසින් ඇය ”වව්නියාව අබීෂා” පුද්ගලික රෝහල වෙත ඇතුලත් කර ඇත. එහිදී මෙම තරුණිය ඔහුගේ බිරිඳ බව පවසා ඇති අතර, එම රෝහල වෙතින් ගබ්සා කිරීමෙන් පසු ප්රථිිකාර ලබාදුන්නද ඇයගේ සෞඛ්‍ය තත්වය අයහපත්වීම හේතුවෙන් එදින උදෑසන 1100 ට පමණ වව්නියාව මහ රෝහල වෙත මාරුකර යවා ඇත. වව්නියාව මහ රෝහලේ තිරුමාල් නමැති වෛද්‍යවරයා විසින් ඇයව පරීකෂා කර ඇති අතර, ඒ වන විටද ඇය මියගොස් ඇති බවට ඔහු ප්‍රකාශ කර ඇත.
අබීෂා පුද්ගලික රෝහලෙන් සිදුකරන ලද ගබ්සා කිරිමක් හේතුවෙන් මෙම තරුණිය මියගිය බවට ඥාතීන් ප්‍රකාශ කරනු ලබන අතර, ”මෙම මරණය අබීෂා රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන එස් ශිව මෝහන් ව්සින් වගකිවයුතු බවවට පවසා” ඇගේ ඥාතීන් විසින් වව්නියාව පොලිසිය වෙත පැම්ණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.
මෙම රෝහලේ නිති විරෝධි අයුරින් ගබ්සා සිදුකරන බවත්, ගබ්සාවක් සිදුකිරීම සඳහා රු: 10000.00 ක මුදල් ප්‍රමානයක් ලබාගන්නා බවත්, ඒ සඳහා කිසිදු බිල්පතක් ඉදිරිපත් නොකර ඹෟෂද සඳහා පමණක් බිල්පත් නිකුත් කරන බවට ප්‍රදේශවාසීන් පවසයි.
අබීෂා නමැති පුද්ගලික රෝහලේ හිමිකරු වන වෛද්‍ය ශිව මෝහන් දමිළ ජාතික සංධානයේ මුලතිව් දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන අතර, මොහු දමිළ ජාතික සංධානයේ දේශපාලන උපදේශක වරයෙකු ලෙස කටයුතු කළ සන් මාස්ටර් සමග රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත අතුරුදහන් වූවන්ගේ ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර එම කොමිසමට යවා ඇත. තවද, වෛද්‍ය ශිව මෝහන් මීට පෙරද රහසිගතව නීතිවිරෝධි ගබ්සා කිරීම් සිදුකර ඇති බවට අනාවරණයවී ඇත.
අබීෂා පුද්ගලික රෝහල දුම්රියපල පාර, කටිකුලි, වව්නියාව යන ස්ථානය මෙම ගබ්සාව සිදුකර අැති ස්ථානයයි
Comments