සංගා - නිශාන්ත ගැටුමට යළිත් ජනපති මැදිවෙයි
සුපිරි පිතිකරු කුමාර සංගක්කාර හා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග අතර ඇතිවී තිඛෙන හිත් නොහොඳ කමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව ඇති බව වාර්තා වේ. ක්‍රිකට් බලධාරින් තමන්ට එරෙහිව කටයුතු කළ බව හිටපු නායක කුමාර සංගක්කාර ද අයිලන්ඩ් පුවත්පත පැවසීමත් සමඟ මේ තත්ත්වය ඇති විය.
තමන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ බවත් ඊට තමන් ගොදුරු කර ගැනීමේ උත්සහයක් ක්‍රියාත්මක වු බවත් කුමාර සංගක්කාර එහිදී පවසා තිබිනි. කෙසේවවුද අදාල ලිපිය සම්බන්ධයෙන් ජනපතිවරයා සංගක්කාරව දුරකථනයෙන් අමතා ඇති අතර එහිදී සංගක්කාර අදාල තත්ත්වය සත්‍යක් බව පවසා තිබේ.
පසුව ජනපතිවරයා නිශාන්තට මේ ගැටුම සංගක්කාර සමඟ සාකච්ඡාකර විසඳගන්නා ලෙස උපදෙස් දී ඇති බවද පැවසේ.
ඒ අනුව නිශාන්ත, සංගක්කාර හා හෙට (04) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවවුද මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ සංගක්කාර ඔහුත් සමඟ පමණක් සාකච්ඡාවක් කිරීමට ඉල්ලීමක් කර ඇති බවයි.
තමාගේ දොර නිතර විවෘත පවතින බව පවසමින් සංකාරට තමා පිළිතුරු දුන් බව ද නිශාන්ත පවසා තිබේ.
මේ අතර, මෙවැනි හමුවක් ගැන තමා නොදැනුවත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා එම පුවත්පතට පවසා තිබිනි.
(Initially" SLC CEO Ashley de Silva said he was unaware of such a meeting" but" Ranatunga said that Sangakkara had requested a one-on-one with him from CEO Ashley de Silva and he had replied saying that his doors are always open)
Comments