වාරියපොල චන්ඩි කෙල්ලගෙන් ගුටිකෑ සෙල්වාගේ පලමු අනාවරනය

පසුගියදා අන්තර්ජාලයේ ඉමහත් ප්‍රසිද්දියට ලක්වූ එම සිදුවීම වූයේ වාරියපොල බස් නැවතුමේදීය. පසුව අප විසින් එම වීඩියෝව ඔබවෙත ගෙනඒමෙන් පසුව සයිබර් අවකාෂයේ බොහොදෙනා අතර එය හුවමාරු විී එම තරුණිය ඉමහත් පිළිකුලක් එල්ළවිය.

වීඩියෝවට අනුව එම තරුණයා නොහොබිනා විහිලුවකු කිරීම අනුමත කිරීමට නොහැකි වුවද මීට අදාල තරුණිය නීතිය අතයගත් අයුරක් දිස්වීමත් ඇයගේ හැසිරීමත් අනුමතකල නොහැකි වුනා.
අප අවදානය යොමුකලේ සමාව ඉල්ලද්දීත් මහපාරේ කෙල්ලකුගෙන් මාරාන්තික කනේපාරවල් කන තරුණයා ගැනයි.
මොහු නමින් ආර් සී චන්ද්‍ර කුමාර නොහොත් සෙල්වා වේ.වාරියපොල නගරයේම පිහිටි නිමල් රෝවෙල් මාවතේ පදිංචිවාරියපොල නගරයම හොදින් දන්නා හදුනන අයෙකි.පසුගියදා මුහුණ දීමට සිදුවූ අහබූ සිදුවීම ගැන ඔහු මෙසේ විස්තර කලේය.

මම රුකියාවට කරන්නෙ නගරයේ කුලීවැඩ කරනව.එදත් මම කුලීවැඩක් බලාපොරොත්තුවෙන් බස් නැවතුම්පොල අසලටවී සිටින විට මට පහරදුන් තරුණිය තවත් තරුණියක් සමග වැසික්ල්යට ගොස් එමින් සිටියදී මට හමු වුනා
ඇය ඇදුම් ඇදසිටියේ ඇගටම තදවෙන ආකාරයට ඩෙනිම් කලිසම සහ අත්වල කොටස් පෙනෙණෙ ආකාරයට බ්ලවුසයක් මම ඒ ඇදුම බලළ කිවුවමිස් ඔය ඇදුම ඔයාට ගැලපෙන්ණෙ නැහැ නේද කියල.තමුසෙට මොකද කියල එයා මට රවාගෙන යන්න ගියා.
පසුව ඇය බසයක නැගල ඉන්නව මම දුටුව.ඒ වෙලාවෙ මම හිටියෙ බස් නැවතුම්පොල ඇතුලෙයි.ඇය මා දැකල එකපාරටම බස් එකෙන් බැහැල මා ලගට ආව. ඇව්ත් උබට මොකක්ද මගේ ඇදුම ගැන තියෙන රුදාව කියමින් මගේ කම්මුලට පාරක් ගැහුව.එහෙම ගහනකොට මිස් මට සමාවෙන්න මගේ අතින් වැරදි දෙයක් කියවුනානම් මම සමාව ඉල්ලනව කියල කීවත් ඇය මට දිගින්දිගටම බනිමින්මගේ කම්මුලට ගැහුව.
නමුත් මම ඉවසාගෙන හිටිය.පිරිමි අපි ගෑනුන්ට ගහව සිරිතක් නෑනේ.සමහරවිට මම ඇයට ගැහුවනම් ගෑනියෙකුට ප්‍රසිද්දියෙ ගැහුව කියල මම පොලීසියට අරන් යන්නත් තිබුන.මේ නිසයි මම ඉවසුවෙ මම ඇයට එහෙම කීවෙ එහෙම කීම අත්‍යවශ්‍යම බව සිතූ නිසයි.

සෙල්වාට පහරදුන් තරුණිය වාරියපොල පාදෙණිය ප්‍රදේශයේ බව දැනගන්නට ඇත.කරුණු කාරනා මෙසේ සිදුවෙද්දී ඇය තරුණියක් නිසාවෙන් අප ඇයගේ පෞද්ගලික තොරතුරු අනාවරණය නොකරන්නෙමු.

Comments