රෝසි එක්ක සම්බන්ධෙ අන්තිමට නීරස වෙලා ඉවර වුණා


වයිෆ් ඉන්නෙ කොළඹ මං කුරුණෑගල
දැනුත් 'හව් කැන් අයි මීට් යූ' කියල 
කාන්තාවන්ගෙන් මට එස්එම්එස් එනවා
රෝසි එක්ක සම්බන්ධෙ අන්තිමට 
නීරස වෙලා ඉවර වුණා
- දයාසිරි ජයසේකර හෙළි කරයි


පසුගියදා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් වයඹ මහඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ තමා සමග අනියම් ඇසුරක් බලාපොරොත්තුවෙන් නොයෙක් කාන්තාවන්ගේ විවිධාකාර යෝජනා නිරතුරුවම තමාට ලැඛෙන බවයි. 
නමුත් ඒවාට ඇහුම්කන්නොදී තම තත්වය රැකගෙන තමා සිටින බවත් රෝසි සමග පැවති සම්බන්ධය කටකතා වැරදි අර්ථ දැක්වීම් රැසක් මැද නීරසවී 
අවසන් වූ බවත් ඔහු හෙළි කරනවා.
ඔහු දැක්වූ අදහස් පහත පරිදිය.
මං ඉන්න තත්වෙ අනුව මට නම් පන්සීයක් වුණත් පට බැදෙන්න පුළුවන්. නමුත් මං ඉතාම පරිස්සමෙන් ජීවත්වෙන්නෙ. එස් එම් එස් ගහනවා විශාල සංඛ්‍යාවක්. හායි හව් ආයූ කියල එව්වම මාත් මොකක් හරි උත්තරයක් දුන්නොත් 
අයි වෝන්ට් සී යූ කියල එනවා..
හව් කැන් අයි ටෝක් ටු යූ කියල එනවා, 
හව් කැන් අයි ටෝක් ටු යූ පර්සනලි කියල එනවා. ඒවගේම හව් කැන් අයි මීට් යූ කියලත් එනවා...හහ්...හා.. 
ඊට වඩා බරපතල ඒවත් එනවා..මං ඒව බොහොම ෂේප් එකේ බැලන්ස් කරල අතහෝදගන්නෙ.
නැත්තම් ප්‍රශ්නෙකට යනවා.



 නැත්නම් ඒක කරදරයක් මට පාඩුවෙ ඉන්නත් එපැයි.. දරුවො දෙන්න බලාගන්නෙ වයිෆ්. එයා කොළඹ ඉන්නෙ මම ඉන්නෙ කුරුණෑගල. ඕන නම් මට ඕන දෙයක් කරන්න පුළුවන් කුරුණෑගල ඉඳල නමුත් මං කිසි දවසක වයඹ පළාතෙ මම මගේ නම කැත කරගන්න සූදානමක් නෑ. විවිධ කටකතා තියනවා. මට කටකතා වලට උත්තර දෙන්න ඕන කමකුත් නෑ. මට මගේ කියල පෞද්ගලික ජීවිතයකුත් තියනවා.

රෝසි ඇත්තටම මට ගොඩක් උදව් කළා. මම ඇයව හම්බ වුනේ 2001 විතර.
ඒකාලෙ යූ එන්පී එකේ අපි එකට වැඩ කළා කාලයක්. ඇය මගේ මැතිවරණෙදි සම්පූර්ණයෙන් බැහැල වැඩ කළා.ඊට පස්සෙ ඇයගෙ මැතිවරණ වෙලාවෙ මාත් උදව් කළා. ඊට පස්සෙ පාර්ලිමේන්තුවට ඇය ආවම තව සම්බන්ධෙ වැඩි වෙනවනේ. මේ ඔක්කොම එකතුවලා තිබුනෙ. නමුත් ඒක අන්තිමට නීරස තත්වෙකට පත්වුනා.

 ඒක විවිධ විදියට අර්ථ නිරූපණය කරන්න සමහරු පෙළැඹුණා. මේ නිසා ඇය සහ මා අතර තිබුණ සම්බන්ධතාවන් යම් යම් මට්ටමින් කඩා වැටුණා. විපක්ෂෙ ඉඳලා මං ආණ්ඩු පක්ෂයට ඒමත් එක්ක මං හිතන්නෙ ඒ සියල්ල ජවනිකාවක් විදියට අවසන් වුණා. 
මුළු ජීවිත කාලෙම මූණ බලන්නෙ නැතිව ඉන්න මට උවමනාවක් නෑ කිසි වෙලාවක. නමුත් සමහර හැසිරුණ ආකාරවල් ඒවගේම විවිධ කටකතාවල් වලින් හැදුණ දේවල් ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙච්ච අවස්ථා තියනවා. ඒව ජීවිතේ හොඳ පැත්තට හදාගත්තම ලේසියි කියල මං හිතනවා.