දැරිය අපයෝජනය කළාට වන්දිය හතළිස් දාහයි.



වයස අවුරුදු 16ක බාල වයස්කාර දැරියක් බරපතල ලෙස අපයෝජනයට ලක් කළ බවට වරදකරු වූ විත්තිකරුවෙකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළ අධිකරණය එය වසර 15 කට අත්හිටවනු ලැබුවා. අනුරාධපුර විශේෂ මහාධිකරන විනිසුරු ඛේමා ස්වර්ණාධිපති හමුවේ මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් 40 000 ක වන්දියක් ගෙවන ලෙසටයි විත්තිකරුට නියෝග කෙරුණේ. එම දඩය පැහැර හරින්නේ නම් තවත් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා. මෙලෙස අත්හිටවූ සිර දඩුවම් නියම වූයේ පදවිය - බී යාය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වන අතර ඔහු 2012 වසරේදි මෙම අපරාධය සිදුකර තිබුණා.