මන්ත්‍රී ලයිට් කණුවත් බිල්ඩිම ඇතුළට ගනී





හැටන් නගර මධ්‍යයේ පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රධාන යකඩ විදුලි කණුවක කොටසක් තම ගොඩනැගිල්ල තුළට වන ලෙස හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ප්‍රියන්ත පෙරේරා විසින් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම හේතුවෙන් දැඩි අවදානම් තත්වයක් මතුවී තිබෙනවා.

එම නාගරික මන්ත්‍රීවරයාට අයත් වෙළඳසැලේ උඩු මහලේ ඉදිකිරිම් කටයුතු සිදුකිරීම සඳහා අලුතින් යොදන ලද කොන්ක්‍රීට් තට්ටුවේ විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණුවද අල්ලා ඉදිකිරීම් සිදුකර තිබෙනවා.

මෙම ඉදිකිරිම නිසා මෙම විදුලි කණුවේ නඩත්තු කටයුත්තක් හෝ සිදුකිරිමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති අතර එම විදුලි කණුව හරහා විදුලි කාන්දුක් සිදුවුවහොත් එම විදුලි කාන්දුව නාගරික මන්ත්‍රීවරයාගේ වෙළඳසැල හරහා ඒ අසල අනෙකුත් වෙළඳසැල් වලටද කාන්දුවීමේ අවදානමක් පවතින බවයි අනෙකුත් වෙළඳසැල් හිමියන් පවසන්නේ.
 

නාගරික මන්ත්‍රීවරයෙකු මෙවැනි ඉදිකිරිමක් සිදුකරන තෙක් හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් මුනිවත රකිනබවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Comments