බුද්ධික පතිරණ අමු මිරිස් කරල් 3 ක් කාපු හැටි.
වකුගඩු රෝගීන්ට ආධාර ලබාදීමේ අරමුදලට දායක වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද උදෑසන පොල්හේන්ගොඩ බෝධිරණසිංහ පදනමේදී අමුමිරිස් කෑමේ අභියෝගයට පෙනීසිට අමුමිරිස් කරල් 3 ක් මිනිත්තු දෙකකින් ප්‍රසිද්ධියේ කෑවේය.
ලංකාවේ මුදල් විදෙස් රටවලට ලබාගන්නා පිරමීඩ ව්‍යාපාරවලට එක්නොවන ලෙසත්, ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඔවුනට පිහිටවීම සඳහා zශ්‍රී ලංකා අමුමිරිස්z අභියෝගයට එක්වන ලෙසත් කියූ ඔහු අමුමිරිස් කන්නට 5 දෙනෙකුට ආරාධනා කළේය. ඔවුන් මෙසේය.
අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම,
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අනුර දීපාල්,
මාධ්‍යවේදී සමන් ප්‍රියංකර,
රංග ශිල්පී කාවින්ද පෙරේරා
pix by – Isuru Perera (courtesy by - ada.lk)
Comments