පෙම්වතාට ඇප දෙන්න අවශ්‍ය මුදල් සොයා ගැනීමට පෙම්වතිය කුඩු විකුණලා
හෙරොයින් සම්බන්ධ නඩුවකට බන්ධනාගාරගත කර සිටින තම පෙම්වතාට ඇප ලබාගැනීමට මුදල් ඉපයීම සඳහා බන්ධනාගාර රැඳවියන්ට මත්කුඩු විකිණීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණියක ලබන දෙසැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම්’ මාසිංහ මහතා නියෝග කළේය’
හෙරොයින් පැකට් 160ක් සමග කළුතර කොට්ඨාසයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක සුමනරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලද එම තරුණිය කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි’
උතුරු කළුතර පන්සල පාර පදිංචි කුමාර පටබැඳිගේ නයේෂා ඉරෝෂනි ප්‍රනාන්දු නමැති තරුණියක් මෙසේ බන්ධනාගාර ගත කෙරිණි’ උතුරු කළුතර පන්සල පාරේ නිවෙසකට හෙරොයින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම තරුණිය සිරගතව සිටින සිය පෙම්වතාගේ සම්බන්ධතා මත හෙරොයින් බන්ධනාගාරයට ලබාදීම සහ ප්‍රදේශයේ වෙනත් පුද්ගලයන්ට අලෙවි කරන බව හෙළිවී ඇත’
සිරගතව සිටින පෙම්වතාට ඇප ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් අවශ්‍ය බවද පෙම්වතාගේ අනුදැනුම මත බන්ධනාගාරයට යවන හෙරොයින් සඳහා ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගන්නා බවත් ඇය පොලිසියට පවසා තිබේ’
කළුතර ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රසිද්ධ පාසලකින් අ’පො’ස’ සාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් සමත්ව ඇති එම තරුණිය කළුතර නගරයේ පැවැති සංගීත සන්දර්ශනයකදී කුඩුවලට ඇබ්බැහි වූ තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් ඇතිකරගෙන ඇති බවත් පෙම්වතාගේ බලපෑම මත ඇය හෙරොයින් ව්‍යාපාරිකාවක් බවට පත්ව ඇති බවත් පොලිසිය කියයි’
Comments