ජනපති දිනිඳු යශේන්ගේ සුව දුක් විමසයි.
ගල්ගමුව -
මීගලෑව ප‍්‍රදේශයේදී පැහැරගැනීමට ලක්ව සොයාගන්නා ලද දිනිදු යශේන් පුතණුවන් සිය
දෙමව්පියන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්
කළේ අද (03)දහවල් අරලියගහ
මන්දිරයේදී මෙම හමුව සිදුවූ බවයි. එහිදී දිනිඳු යශේන් දරුවාගේ සුවදුක් විමසූ
ජනාධිපතිවරයා ඔහුට තිළිනයක්ද ප‍්‍රදානය කළා. මෙම අවස්ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති
වික‍්‍රමසිංහ රාජපක්ෂ සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද එක්ව සිටියා. පසුගිය 28 වැනිදා මීගලෑව ප‍්‍රදේශයේදී
පැහැරගැනීමට ලක්වූ දිනිඳු යශේන් පසුගිය සිකුරාදා රාත‍්‍රියේ ගල්ගමුව ප‍්‍රදේශයේ
රඳවාගෙන සිටියදී රහස් පොලීසිය විසින් සොයාගත්තා.
Comments