සචින් ගේ ජීවිත කතාවට අමීර් පණ ‍පොවයි

.
සචින් ටෙන්ඩුල්කාර්ගේ පුංචි අවධියේ සිට ලෝකයබොලිවුඩ් සිනමාව හා ක්‍රිකට් ක්‍රීඩාව අතර විවිධ සම්බන්ධතා ඇති මුත් පසුගිය සති අන්තය වනවිට බොලිවුඩ්හි ප්‍රමුඛ චිත්‍රපට සමාගමක් හා බොලිවුඩ් තරුවක් අතර ගිවිසුම් අත්සන් කෙරුණා. ඒ ක්‍රිකට් ලොව සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුර්කාර්ගේ ජීවිත කතාව ඇතුළත් සිනමා පටයක් නිර්මාණයට මුල පුරමින් දන්න සචින් දක්වා විකාශය වන මේ චිත්‍රපටයේ තිර රචකයන් තිදෙනා අතර එක් අයකු ක්‍රිකට් පිළිබඳ අලගිය තැන් මුල ගිය තැන් දන්නා කෙනකු බවයි බොලිවුඩ්වලින් වාර්තා වන්නේ. මෙම චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමහ අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබුණේ සචින් වැනි ලෝක ක්‍රිකට් වංශ කතාවේ ජීවමාන දැවැන්ත චරිතයකට පණ ‍පොවන්න මේ වන විට බොලිවුඩ්වල සිටින එකම කෙනා අමීර් ඛාන් බවයි. ‘ලගාන්’ චිත්‍රපටය හරහා අමීර් ඉන්දියාවේ ක්‍රිකට් උන්මාදයේ පුරාවෘත්තයක් තරමට ජනප්‍රිය වුණා. අමීර්ට ක්‍රිකට් ක්‍රීඩාවේ පිත්ත පන්දු අමුතුවෙන් උගන්වන්න ඕනෑ නැති වුණත් සචින්ගේ පහරවල් ගැන නම් හිතන්න වෙන බව චිත්‍රපට නිෂ්පාදක ආයතනය සැලකිල්ලෙන් කතා කරලා තිබුණා. 

සචින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉන්දියාවේ කොතරම් මිනිසුන් දිනාගෙනද කිවහොත් දෙවි කෙනකු ඔහුව සලකන ඉන්දියානුවන් බොහෝමයි. එවැනි රටක සචින්ගේ ජීවිත කතාව සිනමාවට නැගීමෙදී ආදායම් පිළිබඳ දෙවරක් සිතීමට අවශ්‍ය නොවුණත් සචින්ගේ ජීවිත කතාව වාණිජ චිත්‍රපටයකට වඩා කලාත්මක සිනමා කෘකියක් වුවත් එහි ලෝක මට්ටමේ පිළිගැනීම වැඩි බවයි අධ්‍යක්ෂවරයාගේ මතය.                    

Comments