පැහැරගෙන ගොස් ඇතැයි පියා පැමිණිලි කරද්දී දියණිය මිතුරන් සමග බීමතින් ගෙදර එයි
තම දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි පියා පොලිසියට පැමිණිලි කරද්දී මිතුරන් දෙදෙනකු සමග හොද හැටි මත්වූ ඇය නිවසට පැමිණීමේ සිද්ධියක් මාඔය අසබඩ පෙදෙසක පොලිසියකින් පසුගියදා වාර්තා විය.
සොළොස් හැවිරිදි විය ඉක්මවූ තරුණ දියණියකි. ඇය එදින නිවසින් පිටව ගොස් ඇත්තේ උපකාරක පන්තියකට යන බව පවසාය. නියමිත වේලාවට ඇය නිවසට පැමිණ නැත. මේ නිසා ඇගේ පියා කලබලයට පත්වී තමන් දන්නා හදුනන දේශපාලනඥයකුටද මේ බව දන්වා පොලිසියට ගොස් ඇත්තේ දිය‚යගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් කරන්නටය.
තම දේශපාලන බලය පොලිසියට පෙන්වූ පියා දියණිය කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි කියමින් ඇය ඉක්මනින් සොයා දෙන ලෙස පොලිසියට කරදර කරන්න විය. පොලිසිය කරුණු විමසද්දී පැහැර ගැනීමකට තුඩු දෙන කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවත් දියණිය එදින උපකාරක පන්තියට ගොස් නැති බවටද තොරතුරු ලැබිණි.මේ අතර පියාට ගෙදරින් ඇමතුමක් ලැබිණි. දුව ගෙදර ආවා. එම පණිවුඩයෙන් දැන ගන්නට ලැබුණු නිසා පොලිස් පිරිසක්ද සමග පියා නිවසට ගියේය. හොද හැටි මත්වූ දියනිය නිවසේ සිටිනු පියාටත් පොලිසියටත් දැක ගන්නට ලැබිණි.
පන්ති යන බව කියා ගිිය දියනිය මිතුරන් දෙදෙනකු සමග ප්‍රදේශයේ පාරක් අයිනට වී තරමක් සැර ඇති බෝතල් කිහිපයක් හිස් කර ඇති බව මේ ගැන පොලිසිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයෙන් තරුණිය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා රෝහල් ගත කර අදාළ තරුණයින් කැදවා ඔවුන්ගේද ප්‍රකාශ සටහන් කරන්නට පොලිසිය පියවර ගත්තේය.