Skip to main content
ඒ විවාහයට සූදානම් වෙන්නද?
ඉතින් දමිතා මොනවද අලුත් තොරතුරු?
බොහොම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. ඒ අතර දිගුකාලීන විදෙස් සංචාරයක් වෙනුවෙන් සූදානම් වනවා.
විදෙස් සංචාරය මොකක්ද?
ඉතාලිය ඇතුළු රටවල් කීපයක පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට මමයි චන්ද්‍ර අයියයි, (ජොලි සීයා) සීදුව සකුරා සමග යනවා. මේ සතියේ පිටත් වෙලා ආයෙම එන්නේ මාසෙකට විතර පස්සේ.
එතකොට රංගන කටයුතු?
බ්‍රහ්ම මුහුර්ති රූගත කිරීම් සිදුවනවා. බාගෙට නිමකළ ටෙලිනාට්‍යය කීපයකුත් තියෙනවා. මේ සියලු කටයුතු වලට තාවකාලිකව සමුදෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
තාවකාලිකව කිව්වේ කොච්චර කාලෙකටද?
දෙසැම්බර් ඉඳන් ලබන පෙබරවාරි මාර්තු විතර වෙනතුරු
ඒ කාලය තුළ දමිතාගෙ ජීවිතයේ ලස්සනම දවස උදාවෙනවා නේද?
(හිනැහී) ඔව්. මගේ විවාහය සිදු වනවා.
දකවදාද?
ලබන වසරේ මුලදී....
දෙසැම්බරයේ සිට ඊට සූදානම් වනවාද?
බ්‍රහ්ම මුහුර්ති ටෙලි නාට්‍යය සඳහා අවශ්‍ය වුණේ මහත ශරීරයක්. ඒ හින්දම මේ දවස්වල මම ටිකක් මහත් වෙලා ඉන්නේ. විවාහ උත්සවයට කලින් ආයෙම කෙට්ටු වෙන්න ඕනෑ. ඒ සඳහා ශාරීරික ව්‍යායාම්වලට ටිකක් වැඩි කාලයක් කැප කළ යුතුයි. ඒ හින්දා තමයි දෙසැම්බර් මාසෙ ඉඳන්ම ඊට වෙන්කරල තියෙන්නේ.
විවාහයෙන් පසුව සැමියා සමග අලුත් නිවහනක පදිංචි වෙනවාද?
නෑ නෑ මම ඉන්නේ අම්මත් එක්කමයි. මගෙ සැමියගෙ දෙමව්පියෝ නැහැ. ඒ හින්දා ඔහුටත් මගේ මව මවක් වේවි. අපි ඉන්නේ එකටමයි.
විවාහ වූ යුවළ වෙනම පවුලක් ලෙස ජීවිතය ගොඩ නගා ගත යුතුයි කියන අදහස ගැන දමිතා මොනවද හිතන්නේ..
මේ ලෝකේ හැම කෙනාටම පවුලක් තියෙනවා. මටත් පවුලක් තියෙනවා. පුංචි කාලෙ ඉඳන් මගෙ පවුල තුළ මාත් එක්ක හිටියේ මගෙ අම්මා. මගේ සැමියා ඒ පවුලේම සාමාජිකයෙක් වේවි. මට මගෙ අම්මා වෙනුවෙන් කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. පසුගිය කාලේ මට අනවශ්‍ය නඩුවකට වියදම් කළෙත් මගෙ අම්මට බේත් පෙත්තකට වියදම් කරන්න තිබුන සල්ලි. හැමදාම මගෙ අම්මා මගේ ළග සිටිය යුතුයි.
නඩුවකට වැයවූ මුදල් ගැන ඔබ කතා කරන්නේ පසුතැවිල්ලෙන්ද?
ඇයි මම පසුතැවෙන්නේ. මට අවශ්‍ය නම් නඩු ගාස්තු ලබාගන්න තිබුණා. මගෙ නීතිඥවරුන්ගෙන් පවා ඊට උපදෙස් ලැබුණා. ඒත් මම එහෙම කළේ නැහැ. ඒ මගෙ මනුස්සකම හින්දා. අනික ඉතින් මම ඒ නඩුවේ විත්ති පක්ෂය. පැමිණිලි පක්ෂය නඩුව ඉල්ලා අස්කරගත්තම විත්ති පක්ෂයට ඉබේම ජය හිමිවනවා කියා මට හිතෙනවා. ඒක උසාවි නියෝගයක් නමෛයි. මට හිතෙන දෙයක්. ඒ නිසා මා තුළ තියෙන්නේ ජයග්රාහි මානසිකත්වයත්. ඉතින් නඩු ගාස්තු ගන්න මම හිතුවේ නැහැ.
ලබන වසරේ මුල යුග දිවියට පිවිසුනාට පසු දමිතාගේ කලා දිවියට මොනවගේ තත්ත්වයක් උදාවෙයිද?
මම මීට කලිනුත් මාධ්‍යය තුළත් මේක කියලා තියෙනවා. රගපාන අතර ගීතයක් ගයන අතර මගෙ අන්තිම හුස්ම ටික පිටවෙලා යනවා නම් හොඳයි කියලා තමයි මම හැමදාම හිතන්නේ. ඒ තරමටම කලාව මගෙ ජීවිතයේ කොටසක් වෙලා. විවාහ වුණා කියලා කලාවෙන් දුරස්වීමක් වන්නෙ නැහැ. සැමියාගෙන් ඊට විරෝධතා එල්ල වන්නේත් නැහැ.
ආරියවංශ කුලතිලක