කාමරයේ නවාතැන් ගත් අක්කාට මල්ලීගෙන් දරුවෙක්                              
                                                                                                                                                 
 බියගම නිදහස් වෙළෙද කලාපයේ රැකියාවට පැමිනි” යබරලූව ප‍‍්‍රදේශයේ එකම කාමරයක නවාතැන් ගෙන සිටි එකම පවුලේ ලේ ඥාති සොහොයුරියක සහ බාල සොහොයුරක අතර ඇතිවූ ලිංගික හැසිරීමකින් දරුවකු ප‍‍්‍රසූත කිරීමට සිදුව ඇති බව එම තරුණිය බියගම පොලිසියට පැමිණිලි කර තිබේ.


එම පැමිණිල්ලට අනුව බියගම පොලිසිය මගින් 18 හැවරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත. එම තරුණයා මහර මහෙස්ත‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහර මහෙස්ත‍‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය නියම කළාය.


නවගත්තේගම ප‍‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දෙදෙනා මීට වසරකට පමණ පෙර බියගම නිදහස් වෙළෙද කලාපයේ රැකියාවලට පැමිණ ඇති බවත් මෙසේ නේවාසිකව එකම කාමරයක නවාතැන් ගෙන සිටින අතර ලිංගිකව හැසිරී ඇති බවත් දරුගැබට මාස නවයකට ආසන්න වූ විට දරුවාගේ පියා ලෙස නම දීම තරුණයා ප‍‍්‍රතික්ෂේප කිරීම නිසා තරුණිය මොහුට විරුද්ධව පොලිසියට පැමිණිලි කර ඇති බවත් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. 

Comments