Skype Secrets.. Skype ගිනුම් කිහිපයකට එකම වෙලාවේ එකම පරිඝණකයෙන් ලොග් වෙමු

ස්කයිප් කියන්නෙ හැමෝටම ගොඩක් ප්‍රයෝජන්වත් සේවාවක්. ලෝකය පුරාම මේක ගොඩක් ජනප්‍රියයි. යුරෝපයේ සහ අනෙකුත් බටහිර රට වල ස්ක්යිප් එක්ක එම සේවාව ලබා දෙන අනික් ආයතන එක්ක දැඩි තරගයක් තිබුනත් පෙරදිග ආසියානු රටවල ස්කයිප් තමා තාමත් පෙරමුණේ ඉන්නෙ තරගයක් නැතිවම. ලංකාවේ නම් කතා 2ක් නෑ ස්කයිප් තමා එක වෙලා ඉන්නෙ. ස්කයිප් වගේම සේවාවන් ලබා දෙන එකක් තමා වයිබර් කියන්නෙ. මේක යුරෝපයේ ගොඩක් ජන්ප්‍රියයි. ඒත් ලංකාව තාම ඇන්ඩ්‍රොයිඩ් වලින් පිරිල නැති හින්ද සමහර අය මේක අහලත් නැ. ඒත් පාවිච්චි කරන අය දන්නවා ඇති මේක සුපිරි කියලා. මන් අද කියන්න යන්නෙ වයිබර් ගැන නම් නෙවේ. ස්ක්යිප් එකේ පොඩි වැඩක් කියල දෙන්න යන්නෙ.

    අපේ කෙල්ලොන්ට ස්කයිප් ගිණුම් කීයක් තියෙනවද? කොල්ලෙක් විදියට මට තියෙන්නෙ එකයි. කොල්ලො නම් හොර වැඩ කරන්නෙ නෑ කියන්න කොල්ලෙක් විදියට මන් දන්නවා. ඒත් කෙල්ලො අපි වගේ නෙවේනෙ. මන් අද කෙල්ලොන්ට හොර වැඩක් උගන්වන්න යන්නෙ.  
එක වැර පරිඝණකයෙන් ස්කයිප් ගිනුම් 2ක කට එකම වෙලාවේ ලොග් වෙන්න  දන්නෙ නැති කෙල්ලොත් ඇති නේද? අන්න එයාලට මන් කියන්නම් කොහොමද එකම වෙලාවේ එකම පරිඝණකයෙන් ස්කයිප් ගිණුම් 2 කට ලොග් වෙන්නෙ කියල. 
      මේක ක්‍රම 2 කට කරන්න පුලුවන්. ඔයාල කැමති විදියට කරන්න. මුලින්ම ඔයාලට පේන්න තියෙන ස්කයිප් අයිකන් එකෙන් ලොග් වෙන්නකෝ. 
පළමු ක්‍රමය.. 
1. වින්ඩෝව්ස් 7 වල සර්ච් බොක්ස් එකේ මන් පහළින් දෙන කෝඩ් එක පේස්ට් කරල එන්ටර් කරන්න. සර්ච් බොක්ස් එකේ කරන්න කම්මැලි නම් ඔයාලට පුලුවන් රන් බොක්ස් එක ඕපන් කරගන්න. ව්න්ඩෝව්ස් කී එකයි ආර් අකුරයි එක වැර ඔබල ඒක කරගන්න පුලුවන්. 
  ඔයාලගෙ ඔපරේටින්ග් සිස්ටම් එක බිට් 32 නම් මෙන්න මේ විධානය එතන පේස්ට් කරල එන්ටර් කරන්න.
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary 
 ඔයාලගෙ ඔපරේටින්ග් සිස්ටම් එක බිට් 64 නම් මෙන්න මේ විධානය එතන පේස්ට් කරල එන්ටර් කරන්න.
"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe" /secondary 
එතකොට අලුත් එකක් ආවා නේද? අන්න ඒකට ඔයාලට ඕනි අනික් ස්කයිප් ගිනුමෙන් ලොග් වෙන්න. දැන් දෙකෙන්ම ලොග් වුණා නේද? මගෙ ඔපරේටින්ග් සිස්ටම් එක බිට් 64.මන් සර්ච් බොක්ස් එකේ කෝඩ් එක පේස්ට් කරාම මෙන්න මෙහෙම පේනවා.
ඒක එන්ටර් කරාම ඔයාලට ලොග් වෙන්න පුලුවන් අනික් ගිණුමට. 

දෙවන ක්‍රමය. 
පලවෙනි එක ලේසියි ගොඩක්. මේක කරන්නෙ  මෙහෙමයි. ඔයාලට ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වල මන් කියන ෆයිල් එක හොයන්න වෙනවා. බිට් 32 අය මෙන්න මේ පාරෙන් ගිහිල්ල Skype.exe ෆයිල් එක හොයාගන්න.
C:\Program Files\Skype\Phone\ 
ම්කෙන් ගිහින් එන එක ඕපන් කරමා Skype.exe එක හොයාගන්න පුලුවන්. 
බිට් 64 අය මේ පාරෙන් ගිහිල්ල අන්තිමට එන එක ඕපන් කරල Skype.exeෆයිල් එක හොයාගන්න
C:\Program Files (x86)\Skype\Phone\
හරි නේද?? දැන් ඒ ෆයිල් එකේ රයිට් ක්ලික් කරල Send to- Desktop(Create shortcut)  කරන්න. මෙන්න මේ විදියට.  
දැන් ඩෙස්ටොප් එකට ගිහිල්ල බැලුවම ඔයාල අලුතින් හදපු ස්කයිප් ශෝර්ට් කට් එක බලාගන්න පුලුවන්. ඒකෙ රයිටි ක්ලික් කරල ප්‍රොපටිස් වලට යන්න. ටාර්ගට් කියල එකක් තියෙන්ව නේද? බිට් 32 අය එතනට 
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary පේස්ට් කරල ඕකේ කරන්න. බිට් 64 අය එතනට "C:\Program Files (x86)\Skype\Phone\Skype.exe" /secondaryපේස්ට් කරල එන්ටර් කරන්න. 

දැන් ඩෙස්ටොප් එකේ තිබුන ස්කයිප් එකයි අපි අලුතින් හදපු එකයි භාවිතා කරල ඕනිම වෙලාවක ස්කයිප් ගිණුම් 2 කට ලොග් වෙන්න පුලුවන්. තව ඕනි නෑනෙ? ඒ ඇති. මේක කෙල්ලොන්ට වැදගත් නේද? කොල්ලො නම් හොර වැඩ කරන්නෙ නෑනෙ.. මේක යහලුවොත් එක්ක ඛෙදාගන්න එහෙනම්. වැදගත් ඇතිනෙ ගොඩක්. සුබ දවසක්. 

Comments