පෙම්වතාට පිහියෙන් ඇන්න පෙම්වතිය පොලිසියට බාර වේ

මීට මාස දෙකකට උඩදී බොරලැස්‌ගමුව ප්‍රදේශයේදී 21 හැවිරිදි සිය පෙම්වතාට පිහියෙන් බඩට ඇන තුවාල සිදුකර අතුරුදන්ව සිටි 20 හැවිරිදි පෙම්වතිය පොලිසියට පැමිණ (18 වැනිදා) භාරවූ බව බොරලැස්‌ගමුව පොලිසිය පවසයි.
මහඔය පදිංචි පෙම්වතිය බොරලැස්‌ගමුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිට ඇත. පෞද්ගලික සමාගමක සේවය කරන පෙම්වතා මීට වසර එකහමාරකට උඩදී සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධයක්‌ ආරම්භ කර ඇත.
HTML5 Icon

Comments