බිරිදගේ අනියම් පෙම යුවලටම මරු කැදවයි…..

උඩගම, අකරැල්ල, ඕපනායක, රත්නපුර ලිපිනයේ පදිංචි හේනගොඩැල්ල ජයවර්ධණ (අවු 46) නැමති පුද්ගලයා විසින් තම බිරිද වෙනත් අයෙකු සමග අනියම් සබදතාවයක් පැවැත්විම හේතුවෙන් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඔහුද නිවස තුල ගෙල වැලලාගෙන මියගොස් ඇත.