වැව රවුමේ සක්මන් මළුව අසල “නිල්” බලමින් සිටි ජෝඩුවට දඩ

කුරුණෑගල, රන්තලිය වැව රවුමේ සක්මන්මළුව අසල වීඩියෝ දසුන් නරඹමින් සිටි පෙම් යුවලක් ඊයේ (19) කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් රුපියල් 5000/=ක දඩයකට යටත් කරන ලදී.
කුරුණෑගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තරංගල පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.
සැකකරුවන් යුවල කුරුණෑගල නගරයේ පෞද්ගලික ටියුෂන් පංතිවල ඉගෙනුම ලබන වයස අවුරුදු 19 – 18ත් අතර සිසුන් දෙදෙනෙක් බැව් පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් සැරයන් ප්‍රියන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.