කොල්ලුපිටියේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලයි

කොල්ලුපිටියේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවක් 10 දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගණිකා නිවාසයේ කලමනාකරණය කර ඇත්තේ ද කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පී ගනේෂනාදන් මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු විය.
සැකකරුවෝ කොල්ලුපිටිය පොලිසියට භාර දෙනු ලැබූහ.

Comments