කඩේ ගිය දැරියට මුදලාලි හදි කරලා
වයස අවුරුදු 12 ක් වන බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන අවුරුදු 75ක් වන ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ කොටවෙහර පොලිස් වසමේ මීයැල්ලෑව, කරුවලඅගාර පදිංචිව සිටින දැරිවියකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
අතවරයට පත්ව ඇති දැරිවිය පසුගිය 12 වැනිදා සවස සැකකාර ව්‍යාපාරිකයාට අයත් බව කියන වෙළදසැලකට ගොස් ඇත. එම අවස්ථාවේදී වෙළදසැළ තුළට දැරියව කැදවාගෙන ඇති සැකකරු එහිදී ඇයට අතවර කර ඇත. මෙම අවස්ථවේදී එම වෙළද සැලට පැමිණ ඇති කාන්තාවක් මෙම සිද්ධිය දැක ඇත.
පසුව මෙම සිද්ධිය පිළිබඳ කොටවෙහෙර පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඉන් පසුව සැකකාර ව්‍යාපාරිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. කොටහෙර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයකොඩි, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් යන මහත්වරුන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
Comments