ඇමැතිගේ සපත්තු කෑලි දෙක කෝටි 13200කට ඉල්ලනවාලු.







‘මගේ සපත්තු දෙක ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200)  එංගලන්තේ සමාගමකින් ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මගේ ලේකම්ලගෙන්  විමසීමක් කැර තියෙනවා. ඒත් දෙන්නේ නෑ දැන්ම. තවත් ලන්සු එයිනේ. දැන් මේක ලන්සු තියන්න විවෘතයි. වැඩිම ගාණක් ආවොත් දෙනවා.‘
ටී බී ඒකනායක සංස්කෘතික ඇමැති එසේ කියයි. ඇමැතිගේ අඩිය නැති මේ සපත්තු දෙක ලෝක අවධානයට යොමු වුයේ චීන ජනපති  ෂි ජිංපිං  හමු වීමට ඔහු ගිය අවස්ථාවේදීය.ඔහු පසුගිය ජනපති ලේකම් කාර්යාලයයට යද්දී  සපත්තු දෙකේ අඩි ගැලවී ගියේය.
‘ඒ සපත්තු දෙක පරණයි.මගේ සුදු ඇදුමට ගැලපෙනවා මං එය හෝදලා ගත්තා.මගදී අඩි ගැලවුණා.යට කෑල්ල වීසි කැර  උඩ කෑල්ල දමාගෙන ගියා.ඒ සපත්තු දෙක මං අවුරුදු ගණනකින් මං දැම්මේ නෑ.වරක් ඩඩ්ලි සේනානාගක මහතාටත් එහෙම දෙයක් වුණාලු.එතුමා ටයි කෝටි ඇඳගෙන යද්දී  සපත්තු දෙකේ අඩි ගැලවිලා.එතුමා සපත්තු දෙක විසි කැර ඒ උත්සවයට ගිහින් තිගෙනවා.ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි.‘

Comments