කොටි ටයි පටියක් පැළඳි කිලිනොච්චි ක‍්‍රීඩා නිලධාරියෙකු දැලේ.



එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කී‍්‍රඩා අංශයේ ලාංඡනය සහිත ටයි පටියක් පැළඳගෙන සිටි කිලිනොච්චි දිස්ති‍්‍රක් කී‍්‍රඩා නිලධාරීවරයා ඔඞ්ඩුසුඩාන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔඞ්ඩුසුඩාන් දෙමළ මහා විද්‍යාලයේ ඊයේ ආරම්භ වූ උතුරු පළාත් කී‍්‍රඩා උත්සවයට පැමිණ සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ඔඞ්ඩුසුඩාන් පොලිසිය ප‍්‍රකාශ කළේ. යාපනය - සන්ගානේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු දැනට පොලිස් භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කළා.

Comments