එකම පවුලේ 2ක් ඝාතනය කරයි.
මාතර ගන්දර, නාඔටුන්න ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් පොරවකින් පහරදී ඊයේ(07) රාත්රී මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසීය සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ දෙදෙනෙකු වන අතර ඔවුන් නාඔටුන්න ප්රදේශයේ පදිංචිව සිට ඇති බව සඳහන්ය.
පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතන සිදුව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.