දුරකතනයෙන් නිල් දැකපු තරුණිය කලබලයට

එක්තරා රජයේ ආයතනයක සේවය කරන 21 හැවරිදි තරුණියක් සිය සේවා ස්ථානයේ රාජකාරී කටයුතු සදහා එමින් සිටියදී අපූරු අකර තැබ්බයකට මුහුණ දීමට සිදුවිය, සිදූවූ සිද්ධිය මෙසේය, මෙම තරුණිය රැකියා ස්තානය සදහා ගමන් කිරීමට බස් රථයකට ගොඩ විය, අසුනක් ද තිබූ හෙයින් එහි ඉදගත්තේය, බස් රථය මද දුරක ගමන් ගත් පසු වයස අවුරුදු 50ක පමණ පුත්ගලයෙක් ඇය අසලින් අසුන් ගත්තේය, ගත වුයේ සුළු වේලාවකි, ඔහු සාක්කුවෙන ජංගම දුරකතනය අතට ගෙන නිල් වීඩියෝවක් නරඹන්නට වූයේය, ඔහු තම ජංගම දුරකතණයෙන් බලන මෙම නිල් වීඩියෝව තරුණිය දෙසට හැරී ඇයට පෙන්වන්නට විය, සිද්ධියෙන් කළබලයට පත් තරුණිය එකවර කෑගසන්නට විය, බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙකු තරුණිය කෑගැසීමත් සමග කලබලයට පත්ව සිද්ධිය විමසා සිටියාය, පසුව මෙම 50හැවරිදි පුත්ගලයා අල්ලාගෙන ඒ අසන්නයේ වූ කොම්පඤ්ඤවීදිය පොලීසියට රැගෙන ගොස් භාර දෙන ලදී, පොලීසිය විසින් මෙම තැනැත්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තරයේ අවවාද කර ඇපමත මුදාහැර තිබේ.

Comments