රත්නපුරේදී පහරකෑ කාන්තිලතා මානව හිමිකම් යයි


පොලිසියෙන් කෝටි 5ක් ඉල්ලයි රත්නපුර නගරයේදී ‍පොලිස් නිලධාරියකු විසින් තමාට අමානුෂිකව පහරදීමට එරෙහිව හා ඒ පිළිබඳ පැමි‚ල්ල බාර නොගනිමින් තම මානව හිමිකම් කඩ කිරීමට එරෙහිව ‍පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෝටි පහක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා අද (02) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව පහර කෑමට ලක්වූ ඩබ්ලිව්.ඒ. කාන්තිලතා නමැත්තිය මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය. එහිදී වගඋත්තරකරුවන් ලෙස රත්නපුර ‍පොලිසියේ ‍පොලිස් ස්ථානාධිපතිවරයා, ‍පොලිස්පතිවරයා හා ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නම්කරනු ලබන බවද පැවසුවාය. ඊයේ (01) දින මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මෙම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබුණේ මිනිස් අවකාශයක් සඳහා සාමුහිකය විසිනි. මෙම අවස්ථාවට එහි සාමාජිකයකු වන උදුල් ප්‍රේමරත්න මහතා හා නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ‍පොලිස් නිලධාරියකු විසින් නගර මධ්‍යයකදී කාන්තාවකට අමානුෂිකව පහරදීමේ වීඩියෝ පටයක් සමාජ ජාල (facebook) වබේ අඩවියට මුදා හැරීමෙන් අනතුරුව ඒ පිළිබඳ ඇතිවූ කතාබහ ඔස්සේ තම අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වන සංවිධානයක සහයෙන් මෙම නඩුව ගොනුකරනු ලබන බවද පැවසුවාය. එහිදී රත්නපුර නගර මධ්‍යයේදී තමා මුහුණ දුන් සිද්ධිය විස්තර කරමින් ඇය මෙසේද පැවසුවාය. මේ සිද්ධිය වුණේ සැප්තැම්බර් මාසේ මැද දවසක. මට දිනේ හරියටම මතක නෑ. මං මගේ දරුවෝ ජීවත් කරන්න ඕන නිසයි පාරට බැස්සේ. මම රස්සාවක් විදියට ග‚කා වෘත්තියේ නොයෙදුනත් දවස් තුනකට වරක් ඒ වෘත්තිය කරන්න වෙනවා. ඒ ජීවත් වෙන්න මුදල් හොයාගන්න. මට පහරදුන් ‍පොලිස් නිලධාරියාත් මාත් අතර යම් ගැටලූ‍වක් තිබුණා. එදා සිද්ධිය තවත් කාන්තාවක් එක්ක සිදුවුණ බහින්බස් වීමක් වුණත් ඔහු මට පහරදුන්නේ පරණ කෝන්තරයට එක්ක. මං එපා කියලා වඳිද්දි ඔහු මට වයරයකින් පහර දුන්නා. නගරය මැද හුඟ දෙනෙක් ඒ සිදුවීම දැක්කා. ඒ දැකපු කෙනෙක් තමයි සිද්ධිය වීඩියෝ කරලා තියෙන්නේ. මම එදාම පැමි‚ල්ලක් දාන්න ‍පොලිසියට ගියා. ඒ අය පැමි‚ල්ල සටහන් කරගත්තේ නෑ. මට පැමි‚ලි අංකයක් දුන්නේ නෑ. මං ගෙදර ආවත් තිබුණු අසරණ කමට ඉස්පිරිතාලෙට ගියේ නෑ. පහරකෑමෙන් ඇතිවුණු වේදනාව දරාගෙන හිටියා. පස්සේ දවසක ‍පොලිසියේ මහත්තුරු දෙන්නෙක් මේ සිද්ධිය කාටවත් කියන්න එපා කියලා මට රුපියල් තුන්දාහක් දීලා ගියා. මමත් කාටවත් කියන්නේ නෑ කියලා ඒ වෙලාවේ කිව්වා. ඒත් මේ සිද්ධිය දැන් හැමෝම දන්නවා. මං මේ රස්සාව කරන්නේ මගේ අසරණ කමට. මගේ මහත්තයා මා හැර ගිහින් වසර දහයක් වෙනවා. මේ විදිහට කාන්තාවකට පහරදීපු එක වැරදියි. මම ඊයේ (01) දින මානව හිමිකම් කොමිසමට ඒ පිළිබඳ පැමි‚ල්ලක් කළා. අද වන්දි මුදලක් ඉල්ලා නඩු පවරනවා.

Comments