සුසිල් කිදෙල්පිටිය එජාපයට ?

ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා කොළොන්නාව ආසන සංවිධායක මාධ්‍යවේදී සුසිල් කිදෙල්පිටිය නුදුරේදීම එක්සත් ජාතික පක්ශයට එක්වීමට තීරණය කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග මගින් ගොසිප්බුක් වෙත දැන ගන්නට ලැබී තිබේ.


තම පක්ශයට ඌව පළාත් සභාව තුල කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකි වීමත් සැලකිය යුතු ජන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීමත් සිරස මාධ්‍ය ජාලයෙන් නොමිලේ ලබා දුන් ප්‍රචාරනයෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබීමත් නිසා ඔහු මෙන් ම ඔහු පසුපස සිටින රාජා මහෙන්ද්‍රන් ද මෙම තීරණය අනුමත කර තිබේ.


තමා කොළොන්නාව ආසනය තුල යම්කිසි ස්ථාවරයක් සාදාගෙන සිටින නිසා තමාට කොළොන්නාව එ.ජා.ප සංවිධායකකම ලබා දෙනවානම් පක්ශයට එකතුවන බව කොලොන්නාව වත්මන් එ.ජා.ප සංවිධායක එස්.එම් මරික්කාර් හරහා ම මෙම පණිවුඩය සිරිකොතට දැනුම් දී ඇති අතර නුදුරේම එය අනුමත වනු ඇත.


එස්.එම් මරික්කාර් මැද කොළඹ මුස්ලිම් ජන්ද ඩැහැ ගැනීමට යොදාගැනීමේ උපායක්ද එ.ජා.ප තුල පවතී.සුසිල් කිදෙල්පිටිය එ.ජා.ප යට එකතු වීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයේ තවත් මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එ.ජා.ප යට එකතු වීමට නියමිතය.

Comments