ත්‍රිරෝද රථ රියෑදුරන් 7ක්‌ සිසුවියට අතවර කරලා’



15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ මාස කීපයක්‌ තිස්‌සේ නොමග යවමින් ත්‍රීවිල් රථ තුළ තබා ගෙන දුෂණය කළ බව කියන ත්‍රීවිල් රථ රියෑදුරන් 7 දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා දොඩන්ගොඩ පොලිසිය ඊයේ 2 වැනිදා පරීක්‌ෂණ ආරම්භ කර ඇත’ දූෂණයට ලක්‌වූ දැරිය විශේෂ වෛද්‍ය පරීක්‌ෂණ හා ප්‍රතිකාර සඳහා පෙරේදා 1 වැනිදා රාත්‍රි කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත’


කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණ පැමි‚ල්ල මත මේ පරීක්‌ෂණ ආරම්භ කර ඇති අතර මෙම පාසල් ශිෂ්‍යාව මෙම දෙසැම්බර් මස පැවැත්වෙන අ’පො’ස’ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැරියක්‌ බවද පොලිසිය පවසයි’ 
මෙම දැරිය පිළිබඳව සොයා නොලැබූ හා ඇයට නිසි රැකවරණ නොලැබීම සම්බන්ධයෙන් දැරියගේ මවද ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි’
මෙම දැරිය වරින් වර රැගෙන ගොස්‌ දූෂණය කළ ත්‍රීවිල් රථ රියෑදුරන්ගේ බිරින්දෑවරුන් විදේශගත වී ඇතැයිද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි’