ගල්ගමුව - මීගලෑව -
හුණුපොළගම ප්‍රදේශයේදී පැහැරගෙන ගිය දිනිඳු යශේන් ඒකනායක නැමැති සිව් හැවිරිදි
දරුවා පොලීසිය ඊයේ (01) රාත්‍රියේ සොයා ගත්තා. ඒ, ගල්ගමුව - ඇබෝගම ප්‍රදේශයේදියි.
යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දරුවා සිය නිවසේ රැඳී සිටින අවස්ථාවේදී පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය සඳුඳා රාති‍්‍ර කාලයේදීයි. එහිදී ඔවුන් සහල් මෝල් හිමියෙකු වන දරුවාගේ පියාගේ ගෙලට සහ ඔහුගේ සොහොයුරියට ද තුවාල සිදුකර තිබුණා. පොලිස් කණ්ඩායම් 5ක් මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුවයි.
දරුවා සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට දුරකථන අංක දෙකක්ද පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කළා. ඒ, දිනිඳු යශේන් සොයා ගැනීමට විශේෂ මෙහෙයුම් කි‍්‍රයාත්මක වන අතරතුරයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා. දරුවා සොයා ගැනීම පිළිබදව ඊතලය ප්රවෘත්ති අංශයට අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෙම පිරිස මුලින් රුපියල් කෝටියක් පමණ කප්පම් ලෙස ඉල්ලා පසුව එය ලක්ෂ 35ට අඩු කර ඇති බවයි. මේ වන විට දිනිඳු යශේන් සිය මව සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ද ඔහු සදහන් කළා. කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දෙන බවයි ඔහු කියා සිටියේ. දැනට 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිනවා.
මෙම සිද්ධිය දැන ගත් මොහොතේ සිටම අප ප්රවෘත්ති අංශය එය වාර්තා කළේ පොලීසියේ උපදෙස් අනුව පමණයි. පැහැර ගත් දරුවාගේ ජීවිතය සුරක්ෂිතව බේරා ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය කරුණක් වුණා. විවිධ ආරංචි මාර්ගවලින් සිද්ධිය පිළිබද තොරතුරු රැසක් ලැබුණත් අප එය වාර්තා නොකළේ දරුවා සොයා ගැනීම සදහා සිදුකරන පොලිස් මෙහෙයුම්වලට ඒවා බාධාවක් විය හැකි බැවින්. මෙම සිද්ධිය වර්ථාකරණයේදී වගකිව යුතු මාධ්‍ය එලෙස කටයුතු කළත් ඇතැම් මාධ්‍ය වගකීම් විරහිතව කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

Comments