කන්‍යභාවය පිළිබද ඔබ නොදත් රහස්
ඔබ කන්‍යාපටලය ගැන කිසිවක් නොදන්නේ නම්, එය තැම්බීමට පෙර බිත්තරයක සිවියට බොහෝ සමාන වන අතර කන්‍යාවකගේ යෝනි විවරයේ සිට 2mm - 3mmඇතුලත පිහිටා ඇති ඉතා තුනී පටලයකි. කන්‍යාභාවයේ මිනුම වන කන්‍යාපටලය සෑම කාන්තාවකටම උපතින් හිමි වන්නක් නොවේ. එමෙන්ම එය ඇති කාන්තාවක් උවද ප්‍රථම ලිංගික ක්‍රියාවේදී එය බිදී යාම සිදු නොවීමට හේතු රාශියක් ඇත. මෙම සිදුවීම නිසි ආකාරයෙන් සිදු වන්නේ (ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් කරන ලද සමීක්ෂණයකට අනුව) 70% පමණ කාන්තාවන්ට පමනි.ඉතිරි 30%න් 10%ක් පමණක් ඊට පෙර ලිංගික ක්රියාවේ දීමෙන් එය සිදු නොවන අතර අනෙකුත් 20% දෙනා හට වෙනත් නොයෙක් කරුණු
නිසා එය සිදු නොවෙයි. මින් ප්‍රධාන හේතුව වන්නේ උපතින් කන්යාපටලයක් පිහිටා නොතිබීමය. අනෙක් ප්‍රධාන කරුණ නම් එය ඉසජහජකැ පැදීම වැනි ක්‍රියා වලදී බීදී තිබීමය. තවත් කරුණක් නම් සමහර කාන්තාවන්ගේ කන්‍යාපටලය ඉතා ප්රත්ත්යාස්ථ බවින් යුක්ත නිසා එය ලිංගික ක්‍රියාවේදී නොබිදී
තිබීමයි. තවද ප්‍රථම අවස්ථාවේ නොබිදී තිබී පසු අවස්ථාවලදී කන්‍යාපටලය බිදෙන අවස්ථාද ඇත. කෙසේ නමුත් මේ පිලිබඳ හරි අවබෝධයක් නොමැති කම නිසා එම 20% දෙනා අවාසනාවන්ත ලෙස නිවැරද්දේම වැරදිකරියන් ලෙස තම විවාහ ජීවිතය ගත කිරීමට සිදුව ඇත.. බොහෝ පිරිමින් තම සහකාරියගේ පිවිතුරුකම වැරදි ලෙස මැනීමෙන් තමාට පනමෙන් ආදරය කරන ඒ කාන්තාව සැක කොට ඒ පිවිතුරු ආදරය අහිමි කරගන්නවා පමණක් නොව නිවැරද්දේ නින්දා අපහාස විදීමෙන් කාන්තාවද කලකිරීමට පත්ව ජීවිතය අවාසනාවන්ත ලෙස ගත කරන අවස්ථා එමටය.
Comments