නවක ක්‍රිඩකයින්ගේ FACEBOOK භාවිතය ගැන මැතිව්ස් කථා කරයි
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඇතැම් නවක කී‍්‍රඩකයින් දක්ෂතා අතරට නොපැමිණීමට සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩිෙයෝවේ අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ අදහස් දැක්වුවා.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පෙන්වා දුන්නේ විදෙස් තරග සංචාරවලට සහභාගි වන තරුණ කී‍්‍රඩකයින් රාතී‍්‍ර කාලයේදී ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි භාවිත කිරීම ඇතුළු විවිධ කි්රයාවන් සදහා සිය කාලය යොදවන බවයි.
තරුණ ක්‍රීඩකයින් තරගාවලි වලට ගියහම තරගය අවසන් වෙලා මේ කට්ටිය රැ එළිවෙනකම් ඉන්නේ Facebook වල. උදේට ක්‍රීඩා කරන්න බැහැ . කිසිම ෆිට් එකක් නැහැ. මේවා කියන්න බැහැ අපිට. මම කිවා තේරීම් කමිටුවේ සභාපතිතුමාට මේ සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා.
නවක ක්‍රීඩකයෝ පෙර සිටි ජේෂ්ඨ ක්‍රීඩකයින් වගේ නොවෙයි. ඉස්සර සිටි අය ඉතාම කැපවීමෙන් කටයුතු කළා. වේලාවට නිදාගන්නවා, අවශ්‍ය විදියට අහාර ගන්නවා, පුහුණුවීම් කටයුතු කරනවා අවශ්‍ය පරිදි. තේරීම් කමිටුවේ සභාපති කිවා මට විදේශ සංචාර වලට ක්‍රීඩකයින් ගියහම රෑ වෙනකම්ම ඉන්නේ ෆේස්බුක් වල.
නව කී‍්‍රඩකයන් දිගින් දිගටම අසාර්ථකවීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යවරයා මෙවැනි අදහස් දැක්වීමක් සිදුකළේ පළමු වරටයි. මේ සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නෙත් නිවුස් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ප්‍රශ්න කළා.
ක්‍රීඩා ඇමතිවරයා චෝදනාවක් කරනවා විදේශ සංචාර වලට ක්‍රීඩකයින් ගියහම රැ වෙනකම් Facebook සහ Skype වල සිටිනවා කියලා. ඊලග දවසේ තරගයක් තිබුනොත් එය ගොඩක් දුරට බලපානවා කියලා. මේ ගැන ඔබේ අදහස් මොනවාද ?
ඇත්තටම ඒ චෝදනවා මට ආරංචි වුනේ නැහැ. අපි හෝටලයට ගියහම නවාතැන් ගැනීම සදහා අපිට තිබෙන්නේ තනි කාමර වශයේ. අපේ කළමණාකාර මහත්මයා සහ මම කාමර ඇතුලට ගිහින් මොනවද උනේ කියලා බලන්නේ නැහැ. ඇත්තටම මම ඒ ගැන දන්නේ නැහැ.
Comments