ජනාධිපති කලා උපදේශක නිලියක් දුෂණය කරලා..?
ජනාධිපතිවරයාගේ කලාකටයුතු උපදේශක මෙන්ම ලේක්හවුස් සහකාර කළමණාකරුවකුද වන බී.එම්. චන්දන සමන් දිසානායක මහතා ජනප්‍රිය නිලි චන්දි රසිකා දූෂණය කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන අද (03) දින කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ලබන 16 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙයට පෙරද අදාළ චූදිතයා මෙම නිලියට අයුතු යෝජනා කිරීම සම්බන්ධයෙන් ගංගොඩවිල උසාවිය හමුවේද පැමිණිල්ලක් විභාග වෙමින් පවතින අතර මෙම දූෂණය ඊයේ (02) බත්තරමුල්ල ආසන්නයේදී සිදුකළ බව අධිකරණයේදී හෙළි විය. මෙම නිලියගේ දෑත් පිටුපසට කොට ටයි පටියෙන් බැද දූෂණය කළ බවට චෝදනා එල්ල කර තිබේ. පළමු අවස්ථාව මෙය බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
Comments