ධනුෂ්කට මුල අමතක උන හැටි

ඉස්සරහට මට එස්.එම්.එස්. කරපු අයගේ ටොයිලට් හෝදන්නත් වෙයි

එප්පාවල ගුටි කෙළිය ගැන ධනුෂ්ක කතා කරයි

ඉස්සරහට මට එස්.එම්.එස්. කරපු අයගේ ටොයිලට් හෝදන්නත් වෙයි

දැන් නම් මාව ලේසියෙන් වට්ටන්න බෑ

කර ගන්න බැරි තරම් ප්‍රසංග භාර අරගෙන පොලු තියනවා කියන කතාව ඇත්තද ධනුෂ්ක?

පොලු තියනවා නෙවෙයි දෙයියනේ. මට යන්න බැරිවෙලා සිද්ධි දෙකක් වුණා. පුළුවන් විදියට මමත් හැමතැනටම යන්න තමයි ට්‍රයි කරන්නේ. මාත් මනුස්සයෙක්. මටත් කරදරයක් වෙන්න පුළුවන් නේ.

එප්පාවල ප්‍රසංගයකට යන්න බැරි වුණේ එහෙම කරදරයක් නිසා...?

ඔව්. ෂෝ එකට යන්න බැරි වුණේ මගේ වැරැද්දක් නිසා නෙවෙයි. මගේ කරදරය කිව්වම මිනිස්සු මාව තේරුම් ගනීවි. මගේ වාහනය කැඩෙනවා අතර මගදි. පාරවල් වහල තිබුණා. එදා ෂෝස් හතරක් විතර අරන් තිබුණා.

ළග පාත ෂෝස් හතරක් වෙන්න ඇති නේද?

ඒ ගැන කියන්න. මේක ලොකුවට දාන්න. මං හරි කැමැතියි මේක ලොකුවට දානවට. එදා දෙරණ ෆුල් බ්ලාස්ට් එක තිබුණා. දෙරණ ෂෝ එකක් අරන් තිබුණා නාඋල. එප්පාවල ෂෝ එකක් තිබුණා. කුරුණෑගල ෆුල් බ්ලාස්ට් එක තිබුණා.

එප්පාවලයි කුරුණෑගලයි කියන්නේ හූවයි බල්ටියෙයි දුර නෙවෙයිනේ. ඇයි එහෙම දෙකක් එක රෑක භාරගත්තේ?

ෂෝස් දාගත්තේ මගේ තියෙන තණ්හාවකට නෙවෙයි. මිනිස්සුමයි කතා කරලා වාත වෙන්නේ. අපිට කියන්නේ කොහොම හරි එන්න කියලා. මෙතැන ඉඳලා කිලෝමීටර් විස්සයි. 

කිලෝමීටර් දහයයි. විනාඩි 15යි. විනාඩි 20යි. මහත්තයා මේක ගන්න. කොහොම හරි ගන්න කියලා කියනවා.

අන්තිමේදී මිනිස්සු ඔක්කොම කුඩුකළා නේද?

ෂෝ එකක් භාර ගත්තට පස්සේ අපට අතර මගදී මුකුත් කරදරයක් වුණොත්, අපිට ෂෝ එකට එන්න බැරි වුණොත් අපිට ගහන බනින එකද හරි? සමහර මිනිසුන්ගේ ආදරේ මම හොඳටම තේරුම් ගත්තා. ලොකු කලකිරීමකින් ඉන්නේ. මම වැටුණා නෙවෙයි. මාව වට්ටන්න බෑ ලේසියෙන්. වට්ටන්න බෑ කිසිම කෙනකුට. හරිම දුකයි. ඇස්වලට කඳුළු ආවා. මේ දවස් දෙකේදිම, පස්සෙත් ලොකු ප්‍රශ්නයක් වුණා.

වාහනේ කැඩුණා කියන්නේ එතැනට යන්න වෙන විකල්පයක් හොයා ගන්න බැරිවුණාද එම්.ජී.?

වාහනේ කැඩුණා. ෆෝන් ඕෆ් වෙලා. මගෙයි, මාත් එක්ක ගිය ඩ්‍රයිවර් ගෙයි දෙන්නගේම ෆෝන් ඕෆ්. දෙරණ ෆුල් බ්ලාස්ට් එක තියෙන තැන නම්බර් එකයි එප්පාවල ෂෝ එකේ නම්බර් එකයි විතරයි තිබුණේ. එප්පාවල ෂෝ එක තියෙන තැනට ගත්ත දිගටම. ඒත් අන්සර් කළේ නෑ. දෙරණ ෆුල් බ්ලාස්ට් එකේ මිනිස්සු ගොඩක් වෙලා බලාගෙන හිටියා මාලිගාපිටියෙ. මම එනකල් බෑන්ඩ් එක නන්ස්ටොප් ගගහ තියන් හිටියේ. මං වාහනයක් ගෙන්න ගන්න තමයි එතැනට ගියේ. එප්පාවලට යන්නයි කුරුණෑගලට යන්නයි දෙපැත්තට යන්න බෑනේ. කුරුණෑගලට ගියා. කුරුණෑගලට යද්දී 2.15යි. තුනට ස්ටේජ් එකට නැග්ග. මම සින්ග් කරපු ගමන් පොලිසියෙන් ඇවිත් මියුසිකල් එක නැවැත්තුවා. එප්පාවලට යන්න ටයිම් එකකුත් නෑ. කෝල් ගත්තා. අන්සර් කළෙත් නෑ. උදේ ආරංචි වුණා බෑන්ඩ් එකට ගහලා ඔක්කොම කුඩු කරලා කියලා.

ඒ කියන්නේ සිද්ධියේ වගකීම ඔයා භාර ගන්නවා...?

වගකීම භාර ගැනීමක් නෙවෙයි. මගේ මනුස්සකමටයි මම පහුවැනිදා උදේ එතැනට ගියේ. වගකීම භාරගන්නවා කියලා මට ඒ වෙච්ච හානිය සම්පූර්ණයෙන් භාරගන්න බෑ. මම ගිහින් කතා කරලා මිනිස්සු හම්බ වුණා. ලොකු අලාභහානි වෙලා තිබුණා. එක එක ආයතනවලින් ඇවිල්ලා මෙන්න මේ රටේ තරුවක් කරපු විනාශේ කියල නිව්ස් ගහලා තිබුණා. මම කතා කරලා වෙච්ච අලාභයට මොනවා හරි කරන්න දෙරණත් එක්කත් කතා කරලා ආවා. අලාභය විදියට ලක්‍ෂ හතරක් දෙන්න පොරොන්දු වුණා. වෙන ආර්ටිස් කෙනෙක් එහෙම කරයි කියලා නම් මං හිතන්නේ නෑ. එහෙම කරන්න අවශ්‍ය නෑ. ඇඩ්වාන්ස් එක රිටන් කරලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මං ඒ වගේ බලු වැඩ කරන මිනිහෙක් නෙවෙයි. කට්ටිය කිව්වා යන්න එපා ගහයි, මරයි, කපයි, කොටයි කියලා. කැපුවත් මගේ වැරැද්දක් නෑ කියලා මිනිසුන්ට පෙන්නන්න එපැයි. ඒකයි මං ගියේ.

වගකීම භාර ගන්න බෑ කිව්වට ඒ ඔයා වෙනුවෙන් එස්.එම්.එස්. ගහපු ඔයා එතැනට ගේන්න කෑගහපු මිනිස්සු.

මට යන්න බැරි වුණාම කරදරයක් වුණාම කියන දේවල් තේරුම් ගන්න ඕන. අපි එස්.එම්.එස්. කළා. එහෙම කරන්න එපාලු. මට එස්.එම්.එස්. කළා කියලා මට පේන්නේ ඉස්සරහාට මිනිසුන්ගේ ටොයිලට් හෝදන්නත් වෙයි වගේ. එහෙම කරන්න බෑ මට.

ඔහොම කිව්වම හිතෙන්නේ ධනුෂ්කට මාසයක් දෙකක් යද්දී මුල අමතක වෙලා. කළගුණ අමතක වෙලා කියලා නේද?

නෑ. නෑ. කළගුණ අමතක කළා නෙවෙයි. ඇයි මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ? අපිට කියන්නේ සංගීතකාරයෝ, බෑන්ඩ්කාරයෝ කියලා. ඇයි මියුසික් කරන මිනිසුන්ට එහෙම සලකන්නේ?

ධනුෂ්ක ඔයා අද යම් තැනක ඉන්නවා නම් එතැනට ආවේ ඔය මිනිස්සු නිසා. මිනිස්සු මේ විදියේ ප්‍රතිචාර දක්වන්නේ ඔයාට තියෙන ආදරේ නිසාම නේද?

ඒක තමයි දෙයියනේ. එහෙනම් ඇයි මිනිස්සු ගහන්නේ අපි ගියාම? තව ප්‍රශ්නයක් වුණා. නිට්ටඹුව ෂෝ එකේදී. ෂෝ එක භාරගෙන අර විදියටම යන්න බැරි වුණා. මම කියන්න බය නෑ. පරක්කු වෙලා හදිසියක් වෙලා මට නිට්ටඹුවටවත් යන්න බැරි වුණා. මං කතා කරන්න ගියාම ෂෝ එක නවත්තලා මටයි, මාත් එක්ක ගියපු මිනිසුන්ටයි ගහලා, මගේ ෂර්ට් එකෙන් ඇදන් ගියේ මට තියෙන ආදරේටද? ඒකද ආදරේ. උඹට අපි එස්.එම්.එස්. ගැහුවා අඩෝ. උඹ ඇයි මෙහෙම කරන්නේ කියලා කතා කරන්නේ ආදරේටද, මං අහන්නේ ඒකද ආදරේ කියන්නේ. සමහරු මට මාර ආදරෙයි. සමහර තැන්වල සමහර අයගේ ඇඩ්වටීස්මන්ට් කියවන්න කියනවා.

මං හිතන්නේ මෑත ඉතිහාසයේ ගායකයෙක් වෙනුවෙන් මිනිස්සු මේ තරම් කුපිත වුණේ් මේ වෙලාවේදී?

මිනිසුන්ට මං කියන්නේ කාට වුණත් මෙහෙම කරන්න එපා කියලා. මම නම් හිත කළකිරිලා ඉන්නේ. ඇයි මිනිසුන්ට තේරුම් ගන්න බැරි. ඇත්තටම අපි කාර්යබහුලයිනේ. වාහනේ ඇතුළේ නිදා ගන්නේ. නින්දක් නෑ. කන්න වෙලාවක් නෑ. මාස පහක් හයකින් ඇඳක් දැකලා නෑ. එහෙම කරලාත් එකකට යන්න බැරි වුණොත් අර තිබුණ ආදරේ මුකුත් නෑ. පොලුවලින් සලකන්නේ.

ඇයි මිනිස්සු ධනුෂ්කට මෙහෙම සලකන්නේ?

සමහර මිනිස්සු බීලා කෝල් කරලා, අඩෝ, මචං කියලා කතා කරනවා. අපි මේ පැත්තේ මිනිස්සු අපි එස්.එම්.එස්. කළා උඹට. තව එකෙක් ඉන්නවා. හිටපන් ඌත් එක්කත් කතා කරපන් කියනවා. මිනිස්සු බිව්වාම මම එයාලගේ බයිට් එක වෙනවා. ඒක හරිද?

බයිට් එකටද? ආදරේටද?

හිටපන්, කතා කරපන් කියලා කියන්නේ නෑනේ ආදරේට.

සුභාෂි”

Comments