ජනාධිපතිවරණයට සහාය දෙන්න මුස්ලිම් කොංග‍්‍රසය වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් ඉල්ලයි



ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් රජයට මීට කලින් කරන ලද දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ආසන තුන ඒකාබද්ධ කර වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් පිහිටුවීම සදහා වූ යෝජනාව නැවත රජයට අවධාරණය කරයි.
එම පක්‍ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී රජයට සහය දීමට එම පොරොන්දු සම්බන්ධ ස්ථාවරය කුමක්දැයි රජයෙන් ප‍්‍රශ්න කොට ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගෙන් එසේ විමසමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ටී හසන් අලි මහතා ලිපියක්ද යවා ඇත.