ඥාණසාර හිමි සිටින ජායාරූපය පෙන්වූ රාජිතට නඩු?
පසුගිය අගෝස්තු මස 6 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී ජායාරුපයක් පෙන්වමින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් සිය දිවිය මෙන්ම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ දිවිය අනතුරකට භාජනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇතැයිද, ඒ හරහා තමා බලවත් මානසික පීඩනයකින්ද සිටින බව සඳහන් කරමින් මේ සඳහා වන්දි ඉල්ලමින් නඩු ගොනු කරන බවට ප්‍රංශයේ පදිංචිව සිටින සුනිල් ගාමිණී මහතා විසින් ධීවර හා ජලජ සම්පත් රාජිත සේනාරත්න මහතාට ලිපියක් යොමුකොට තිබේ.
එහි වැඩි දුරටත් සඳහන් වන්නේ තමා පෙනී සිටින සමූහ ඡායාරූපයක් මාධ්‍යට පෙන්වමින් එහි සිටින්නනේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙකු බවත් තමා ශ්‍රී ලංකා රජයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට උපකාර කරන බවත් පවසමින් තමා අපහසු තාවයට පත්කර ඇති බවයි.
සුනිල් ගාමිණී මහතා විසින් අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහතින් බලන්න.
Comments