වෙදහාමිනේ ජීවිතයෙන් සමුගනියි

‘වෙද හාමිනේ’චරිතය හරහා එක් රැයකින් ජනප්‍රියත්වයට පත් රෙඛෙකා නිල්මිනි අද (13) අළුයම ජීවිතයෙන් සමුගත්තාය.පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි ඈ මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගියාය.කාලයක් කිස්සේ පිළිකාවකින් පීඩා විඳමින් සිටි ඇය මිය යන විට වයස අවුරුදු 49ක් වූවාය.

අනුරාධපුරයේ උපන් රෙඛෙකාට දිය‚යක් සිටින්නීය.පසුගිය දා පැවැත් වු රයිගම් ටෙලි සම්මාන උළලේ දී ජූරිය පිරිනැමූ විශේෂ කුසලතා සම්මානයක්ද ඇයට හිමි වූවාය.රෙඛෙකා ගේ කලා දිවියට වසර විසි හතරකි.එදා මෙදාතුර ඈ රැඟූ ටෙලි නාට්‍ය ගණන 150 ඉක්මවයි.චිත්‍රපට ද, වේදිකා නාට්‍ය ද බොහෝ සංඛ්‍යාවක ඈ රඟපා තිබේ.

තව ඉදිරියට ද ඈ රැඟූ නිර්මාණ කිහිපයක්ම තිරයට පැමිණීමට ඇත.‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යය තුළින් කලා ලොවට ඇය ගෙනා ජයන්ත චන්ද්‍රසිරිගේම නිර්මාණයකම රෝගී වන්නට පෙර ඇයගේ අවසන් රංගනයද සටහන් කිරීම විශේෂ සිද්ධියකි.ඇය රැගු අවසන් රංගනය සටහන්ව ඇත්තේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේය.


Comments