චීන හා රුසියානු ඔත්තුකාර ගණිකාවන්…...


චීන හා රුසියානු කාන්තාවන් සමග ලිංගික ඇසුරක් පැවැත්වීමෙන් වළකින ලෙස බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියලූම නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
රුසියානු FBS බුද්ධි අංශය විසින් මිථ්‍යාචාරයන් හෝ හෙළිවීමට අකමැති ලිංගික හැසිරීම් හෝ නිර්මාණය කර ඒවා බ්ලැක්මේල් කරමින් විදේශික ඒජන්තයන් අවනත කරගැනීමට උත්සහ දැරීමට ඇති ඉඩකඩ පිළිබඳ සවිස්තරව දක්වා ඇතැයි පැවසේ.
චීන බුද්ධි අංශ ස්වභාවයෙන්ම තොරතුරු සඳහා කෑදර හා නොවෙනස් එළඹුමක් දක්වන බවත් ඔවුන් බ්ලැක්මේල් කිරීම් හරහා හෝ සියලූම ආකාරයේ දත්ත සඳහා උනන්දුවක් දක්වන බවත් බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ වාර්තාවේ දක්වා ඇත.
එහි සඳහන් කර ඇත්තේ චීන බුද්ධි අංශ විසින් බටහිර වැසියන් හා මිතුරු වෙමින් තොරතුරු රැස්කිරීම සඳහා සිවිල් වැසියන් බඳවා ගන්නා බවයි.
මෙවැනි පුද්ගලයන් ආහාර හා මත්පැන් මගින් තොරතුරු ලබාගැනීමේ කලාවේ නිපුණයන් බව පැවසේ.
මේ නිසා කිසිදු ආකාරයක ලිංගික ඇසුරක් පැවැත්වීම තහනම් වන බවත් එවැන්නක් නීතිවිරෝධී ක‍්‍රියාවක් ලෙස සලකා දඬුවම් කෙරෙනු ඇති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා තිබේ.