8 හැවිරිදි දැරියට අතවර කර මරලා

පින්නදූව, මාදොල, කටුපොල්වත්ත ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී ඊයේ (17) රාත්‍රී සොයාගත් 8 හැවිරිදි දැරිය අසල්වැසි තරුණයෙකු විසින් ඇයට අතවර කිරීමෙන් පසු ගෙල සිරකර මරා දැමීමෙන් සිදුකළ එකක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය සැකපිට අදාළ තරුණයා ‍අත්අඩංගුවට ගෙන ඇත.


කුඩා නිවසක ජීවත්ව ඇති එම දැරියට තවත් අක්කා කෙනෙක්ද සිට ඇති අතර මෙම අපරාධය සිදුවන විට ඔවුන් තිදෙනාම නිවසේ නොසිට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තාවේ. එකී තරුණයා විසින් දැරියට අතවර කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර ඝාතනය කිරීමෙන් පසු සිරුර අසළ තේ ඉඩමකට ගෙනත් දමා තිබියදී පොලීසිය ඊයේ රාත්‍රී සොයාගන්නා ලදී.

Comments