මම ආදරය කළේ ආක්ෂා සුදාරිට විතරයි - කාවිංග


සම්පූර්ණ නම?
කාවිංග නාමල් පෙරේරා

වෙනත් නම්?
කාවි

වයස?
අවුරුදු 27 යි

කායවර්ධනය ගැන උනන්දුයිද?
එච්චරම උනන්දුවක් නෑ, වෙලාව හොයාගන්න අමාරු නිසා.

උස?
අඩි 6   බර - කි. ග්‍රෑ. 80

විලාසිතා ගැන උනන්දු ඇයි?
මිනිස්සු නළුවෝ ගැන උනන්දු නිසා

වඩාත්ම ආකර්ෂණිය වුණු නිළිය කව්ද?
මාලනී ෆොන්සේකා,අනර්කලී ආකර්ෂා, නදීෂා හේමමාලි

ඒ තුන්දෙනා අතරින් සරාගීම නිළිය කව්ද?
ඒ තුන්දෙනාම සරාගියි. මොකද ඒ තුන්දෙනාට තියෙන්නේ ටැලෙන්ට් තුනක්.

කලාවෙන් උපයන මාසික ආදායම කීයද?
ඒක කීවොත් ලොකු ප්‍රශ්නයක් වේවි

කලාවේ නමින් අයුතු ව්‍යාපාර කර නළු නිළියන් ඉන්නවාද?
එහෙම කියන්න ප්‍රමානවත් සාක්ෂි නෑ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?
දික්කසාද නොවෙන්න විවාහය ලියාපදිංචි කරන්න ඕන තමයි

විවාහයේ දී පිරිමි අය දෑවැදි හොයන්නේ ඇයි?
ඒක පවුල් පසුබිමත් එක්ක තීරණය වන දෙයක්.

සමලිංගික විවාහය නීතිගත කළ යුතුද?
ඒකට උත්තරයක් නෑ.මොකද මම එහෙම කෙනෙක් නෙවේ.

Living together  ජනප්‍රිය වීම හොඳද? නරකද?
දෙකම තියෙනවා. හොඳ තමයි විවාහයට කලින් ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන්. නරක ඒ දෙන්නටම වෙන අසාධාරණයක්.

විවාහය කල් දාන්නේ ජනප්‍රියත්වය අඩුවෙයි කියලද?
අනේ නෑ. තාම විවාහ වෙන්න කෙනෙක් නෑ.

අමද්‍යපද?
නෑ

මත්ද්‍රව්‍ය භාවිතයෙන් රෝගී වූ විට රජයේ රෝහල්වලින් මුදල් ගැනීම සාධාරණ ද?
ඒක තීරණය වෙන්නේ සමාජ මට්ටමත් එක්ක.

පාවිච්චි කරන වාහනය මොකක්ද?
ඵAXA ඩෙමියෝ

දේශපාලනයට ආවොත් මොන පක්ෂයෙන්ද?
ඒක අනාගතයේ දී කියන්නම්.

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයිද?
සමාජ සංස්කෘතියත් එක්ක ගැළපෙනවද නැද්ද කියන්න අමාරුයි. හැබැයි ඒ වෘත්තියට යොමු වෙන්නෙ ඒ කෙනාගේ කැමැත්තත් එක්ක.

ගැහැනු ළමයකු ගැන හිත යන මූලිකම කාරණා තුන?
එක එක්කෙනාගේ එක එක දේවල්..

ක්‍ෂේත්‍රයේ කෙනෙක් බිරිද කරගන්න අදහසක් තියෙනවද?
මට හරියන කෙනෙක් ලැබුණොත් එයා කලා ක්‍ෂේත්‍රයේද,වෙන ක්‍ෂේත්‍රයකද කියන එක වැදගත් නෑ. - රංගන

ශිල්පිණියන් කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවද?
මම ආදරය කළේ එකම කෙනාටයි. ඒ ආක්ෂා සුදාරීට විතරයි.

කී පාරක් බූට් කාලා තියෙනවද?
බූට් නම් කාලා තියෙනවා. ඒත් ගාන කීවොත් ඒ අයට කරන අසාධාරණයක් ඒක.

ආදරය තුළ ආනුරාගයේ ප්‍රතිශතය කීයද?
චරිතත් එක්ක වෙනස් වෙනවා. අනුරාගය නොතිබුණත් ආදරය තියෙන්න පුළුවන්.