ඉන්දියාවේදී ඇල්ලූ ශ්‍රී ලාංකික ඔත්තුකරු ISI වෙනුවෙන් ඔත්තු බලලා
පසුගියදා අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකික දෙමළ ජාතික අරුන් සෙල්වරාජන් නැමැත්තා දකුණු ඉන්දියාවේ සිට පාකිස්තානයේ අයි.එස්.අයි. ඔත්තු සේවාව වෙනුවෙන් ඔත්තු බැලූ අයෙකු බවට තොරතුරු හෙළි දරව්ව් කර ගෙන ඇත.
අරුන් සෙල්වරාජන් නමැති මොහුඉන්දීය ජාතික ආරක්ෂක ඔත්තු සේවාව මගින් අත්අඩංගුවට ගැණුනි.
ඒ අනුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී අයි.එස්.අයි. ඔත්තු සේවාව වෙනුවෙන් තොරතුරු ලබා දුන් බවට සඳහන් තිබේ.
මොහු උත්සව සංවිධාන කළමනාකරුවෙකු ලෙස පෙනී සිට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අයි.එස්.අයි. ඔත්තු සේවාවට සිතියම්, ඡායාරූප, වීඩියෝ දර්ශන, රම්බිලි ප්‍රදේශයේ ඇති සබ්මැරීන් කඳවුරක් සහ නාවික හමුදා කඳවුරක් ඇතුළු ආරක්ෂක කඳවුරු කිහිපයක තොරතුරු ඔහු විසින් ලබා දී ඇතැයි ද හෙළි කර ගෙන ඇත.
තමිල්නාඩුවේ කල්ලපාක්කම් න්යෂ්ටිකබලාගාරයේ ඔත්තු බැලූ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. එසේම මෙම තැනැත්තා එල්.ටී.ටී.ඊසාමාජිකයන්ට සහය වූ ප්‍රබල කි්රයාකාරිකයෙකු ලෙසයි ද හඳුනාගෙන ඇති අතර ඔහුව ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වී ඇති එල්.ටී.ටී.ඊ කි්රයාකාරිකයෙකු බවටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණ කරයි.
දකුණු ඉන්දියාවේ ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථානවල ඡායාරූප, මදුරාසි, චෙන්නායි, විශාකා පට්ටිනම් සහ කොචී වරායවල දත්ත, නාවික හමුදා පුහුණු පාසල්වල නිලධාරීන්ගේ තොරතුරු ද මොහු විසින් ලබා දී ඇතැයි සඳහන් කර තිබේ.
විසාග් හි පිහිටි සබ්මැරින් නිෂ්පාදනගාරයක් ඇතුළු ප්‍රදේශ කිහිපයක තොරතුරු, මෙම සැකකරු සන්තකයේ තිබුනත් ඉන්දීය ජාතික ආරක්ෂක ඔත්තු සේවාව විශ්වාස කරනුයේ තවමත් එසේ අයි.එස්.අයි. ඔත්තු සේවාව අතට පත්ව නොමැති බවයි.
Comments