සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යංශයේ පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවයකට අද දින උදෑසන බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයට පැමිණ ඇතැයි වාර්තා වේ. මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා අද පෙරවරුවේ කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් එම ස්ථානයේ රැස්ව තිබේ. තත්වය එසේ තිබියදී අද (21) පෙරවරු 11.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහාද මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා මේවන තෙක් පැමිණ නැතැයි වාර්තා වේ. සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වෙන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේ දී කෙහෙළිය රඹුක්වැල්ල අමත්‍යවරයා අදහස් පළ කළ කොට තිබුනේ මෙලෙසිනි. "මැතිවරණ කාලවල බොහෝ ප්‍රචාර පළ වෙනව. කටකතා පැතිර යනවා, පෙළක් වෙලාවට ඒවා යථාර්ථයක් බවට පත් වෙනවා, ඉතින් ඒ ඔක්කොම මේ ඉදිරි දින දෙක තුළ බලා ගන්න පුළුවන්"

Comments