බොන ළිඳට වස දැම්මේ කවුද?

ගල්කිරියාගම කළුආරච්චියාගම ප‍්‍රදේශයේ පිහිටි පොදු ළිඳකට වස මිශ‍්‍ර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

ඒ, ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් පරිදියි. කළුආරච්චියාගම ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ආසන්නයේ මෙම පොදු ළිඳ පිහිටා තිබෙනවා.


ප‍්‍රදේශයට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 150කට අධික පුද්ගලයින් පිරිසක් මෙම පොදු ළිඳෙන් සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා බවයි ප‍්‍රදේශවාසීන් පැවසුවේ. කෙසේවෙතත් කිසියම් පිරිසක් ඉකුත් දිනක මෙම පොදු ළිඳට වස මිශ‍්‍ර කර ඇති බව ප‍්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත කියා සිටියා. මෙම පොදු ළිඳෙන් ලබාගත් ජල සාම්පලයක් ද රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි විමර්ශන සිදුකරන බවයි ගල්කිරියාගම පොලිසිය පැවසුවේ. 



Comments