මාන්නප්පෙරුමට ලක්ෂ 5 ක දඩයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් දකුණු පාදයේ කොටසක් අහිමි වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි .
මේ පිළිබදව තොරතුරු සැලවීමෙන් පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා සමඟ දුරකතනයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙන බවට වර්තාවනවා .
විපක්ෂ නායකවරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ තමා මේ පිළිබද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.
විපක්ෂ නායකවරයා මෙම සිද්ධිය දැනගැනීමෙන් පසුව කෝපයට පත්ව නිර්මල කොතලාවල අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාගත් බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා .
තවම නිල වශයෙන් ඔහුට දැනුම් දී නැත.

Comments