තායි කතක් පිටුවහල්

කොළඹ කොල්ලුපිටියේ  සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා   අත්අඩංගුවට ගත් තායි කතුන්  හය දෙනකුට ,ශ්‍රී ලාංකිකයකුට හා කාන්තාවකට රුපියල් දසදහස බැගින් වු මුදල් ඇප ද ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් බැගින් ලබා ගෙන මුදා හරින්නැයි නියෝග කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  වීසා නැති තායි කතක  පිටුවහල් කරන්නැයි ද නියෝග කළේය.
හෝටලය පවත්වාගෙන ගිය පී රුහුණගේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
ඔහු ඔක්තෝබර 09 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතු යැයිද සඳහන් කළේය.


Comments