මෙන්න තවත් ආයුද පෙන්වීමක්

පින්නදූවේ මල් කැකුළ මිලින කළ පාපතරයා මාදොළේ ගිළී නසී - පොලීසියේ 2ක් රෝහලේ!



පින්නදූවේ 8 හැවිරිදි දැරියක දූෂණය කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර මරාදමා තේ වත්තකට ගෙනත් දැමූ බව කියන 27 හැවිරිදි අසල්වැසි සැකකාර තරුණයා අද (18) රාත්‍රී මාදොළට පැන බේරී පළායාමට උත්සාහ කිරීමේදී දියේ ගිළී මියගොස් තිබේ. 

සැකකරු අපරාධය සඳහා යොදාගත් ඇඳුම් පෙන්වීමට යාමේදි මාදොළට පැන බේරී පළායාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි. 

එම අවස්ථාවේදී සැකකරු බේරා ගැනීමට ගිය අක්මීමන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ද වතුර පෙවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. 

27 හැවිරිදි ගාමිණි කුමාර සමරවීර නැමැති එම සැකකරු අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රොකි නැමැති සුනඛයාගේ ඉව අනූව ඌ සැකකරුගේ නිවසේ කාමරයේ ඇඳ ළගටම ගොස් නැවතීම නිසාය. 

අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකරු තමන් සිදුකළ අපරාධය ගැන පොලීසියට පාපොච්චාරණයක් ද කර තිබේ. 

ඊයේ දහවල් සිය වැඩිමහල් සොහොයුරිය සමග පාසල් ගොස් නිවසට පැමිණීමෙන් පසු එකී දැරිය පාපතරයාගේ ගොදුර බවට පත්ව තිබුණි. 

ඒ වැඩිමහල් සොහොයුරිය ද අමතර පංතියකට සහභාගිවීමට නිවසින් පිටත්ව යාමෙන් අනතුරුවය. 

මව දළු නෙළන්නියක බවත්, පියා පෙදරේරුවෙකු බවත් කියන මෙම දැරිය විසූ පවුල ප්‍රදේශයේ දිළිඳු පවුලක් බව පොලිසිය කියයි. 

අපරාධය වන විට මව්පියන්ද නිවසේ නොසිට ඇති අතර පාපතරයා දැරියට අතවර කර අනතුරුව ලනුවකින් ගෙල සිරකර මරා දමා තේ පදුරයක් යටට ගෙන ගොස් තිබුණේ පොළොව නුහුලනා අපරාධයක් වසං කරවීමේ අටියෙන් විය හැකිය. 

කෙසේ වුවද මව්පියන් නිවසට පැමිණීමෙන් පසු සිය දරුවා සවස් වන තුරු දක්නට නොලැබුණු සොවින් පොලීසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණි. 

ඒ අනූව අක්මීමන පොලීසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ඇරඹීමෙන් පසු තේ පදුරක් අසළ දමා තිබූ පින්නදුව, මාදොළ, කටුපොල්වත්තේ දේමුනි පූජනි හසන්ති ලංකාතිලක නැමැති 8 හැවිරිදි කුඩා දැරියගේ සිරුර ඊයේ රාත්‍රීයේම සොයාගන්නා ලදී. 

මෙම සැකකරුගේ පියා ජීවතුන් අතර නොමැති බවත්, මව ඔහුගේ සහෝදරියකගේ නිවසේ වෙසෙන බවත්, පැවසෙන අතර ඔහු සිට ඇත්තේ ආච්චි ළඟ බවද කියැවේ.


Comments